





ඓතිහාසික මාතර තාරකා කොටුව
නිල්වලා නදිය තරණය කරන්නට තනා තිබූ ‘මහා තොට‘ මාතොට බවට පත් වූවෙන් ‘මාතර‘ යන නම බිහි වූ බව පැරණි පොත පතෙහි සඳහන් වේ. රුහුණු, මායා, පිහිටි ත්‍රී සිංහලයෙන් රුහුණු පුරවරයේ පිහිටා ඇති මාතොට හෙවත් මාතර දිස්ත්‍රික්කය අදටත් සංවර්ධනය වන්නේ පෞරාණික ඉදි කිරීම් පෙරමුණේ තබා ගෙනය. මාතර තාරකා කොටුව (Star Forte)ඉන් ප්‍රමුඛ ස්ථානයේ පසු වෙයි. උඩු ගුවනට නැගි කළ තාරකාවක හැඩය ගත් මනස්කාන්ත ඉදිකිරීම් නිර්මාණයක් ලෙස මාතර තාරකා කොටුව සුප්‍රසිද්ධය.
තාරකා කොටුව නිර්මාණය වූයේ ලන්දේසින්ගේ ආගමනය සමඟිනි. පෘතුග්‍රීසින්ගේ බලකොටු ආශ්‍රිතව ඔවුහු සිය ජනාවාස තනාගත් අතර ඒ අතරින් කැපී පෙනුණු ජනාවාසයක් වූයේ මාතොට හෙවත් මාතර නගරය ආශ්‍රිතව තැනූ ජනාවාසයයි. ලන්දේසි බලකොටු 35 කි.
එම බලකොටු ඇතුළත රජයේ ගොඩනැගිලි පවා ඉදි වී තිබිණ. නාගරික මධ්‍යස්ථාන, බලකොටු වටා පිහිටා සිටියේ ය. අට්ටාල දෙක සහ හතරේ බලකොටු නිර්මාණය වී තිබිණ.
ඒ අතරින් 1763 දී සයකොන් හැඩය ගත් තාරකා කොටුව නිර්මාණය කිරීමට පැවරී තිබුණේ ඔරුකෙම මුහන්දිරම් නැමැති දේශිය මුදලිවරයාටය. එහි සැළැස්ම තාරකා කොටුවක හැඩය ගත් නිසා ‘තාරකා කොටුව‘ යැයි නම් තැබෙන්නට ඇත. ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක් වන තාරකා කොටුව තුළ නැරඹීමට බොහෝ දෑ ඇත.
තාරකා කොටුවේ ප්‍රධාන දොරටුව ඉහළින් ඇති සිංහ ලාංඡනය ජාතික අභිමානය පෙන්නුම් කරන අතර පෙරදිග ඕලන්ද සමාගමේ ලකුණ සහ ආණ්ඩුකාරවරයාගේ නම කොටා ඇත. V.O.C (Voree Ngdeoost Indische Compnien- United East India Companey) යනුවෙන් සඳහන් වී ඇති අතර REDOUTE VAN ECK යනු ආණ්ඩුකාරවරයාගේ නමයි.
තාරකා කොටුවට ඇතුළු වන ප්‍රවේශය අඩි 200 කි. බලකොටුව වටා පිටත බෑවුම අඩි 25 ක පළලින් යුතුය. ශක්තිමත් ලෙස තනා ඇති ඉන් රේඛීය ලෙස දකුණේ සිට ඇතුළු වීමට ගේට්ටුව තනා ඇත. දෙපස ඇති ඝනකම් බෑවුම කෙළවර වන්නේ දිය අගලකිනි. බිත්ති කපරාරුය. පතුළ දක්වා බිත්ති අඩි දහයක් ගැඹුරුය. කොටු බැම්ම ඇතුළත වේදිකාව අඩි 14 ක් ඝනකම්ය. උස අඩි 13 කි. ඉන් ඉහළට ඇත්තේ අඩි තුනක උසින් යුතු ආරක්ෂිත පවුරයි.
තරුවක් වැනි එක් මුහුණතක දිග අඩි 48 කි. ඇතුළු වන ගේට්ටුව දෙපස ඇති මුහුණත් දෙක අඩි 40 කි. ගේට්ටුව අඩි හය හමාරකි. ඇතුළට යන විට පුළුල් වේ. දිය අගල හරහා කොටස් දෙකකින් යුතු දැව පාලමකි. එහි මුළ කොටස ස්ථාවරව ගොඩනගා ඇති අතර දෙවැන්න හැකිලිය හැකි පරිදි නිර්මාණය කර ඇත්තේ සුවිශේෂී ආකාරයෙනි.
පුදුමයට පත් වන්නේ හැකිළූ පසුව එය ද ආරක්ෂිත දොරක් බවට පත් වීමයි. එවිට දිය අගල හරහා ගමන් කරන්නට නම් කිසිවෙකුට ඉඩක් නැත. එය සතුරු උවඳුරට එරෙහි උපක්‍රමයකි.
ගේට්ටුවෙන් ඇතුළු වන විට ආරුක්කු හැඩයේ දොරක් හමුවේ. එහි වෙඩි බෙහෙත් ගබඩා කර ඇත. ප්‍රාකාර බැම්මේ සය කොන්වලින් මුළු දිශාවම නැරඹිය හැකි වීම අගනේය. තුවක්කු 12 ක් ස්ථානගත කළ හැකි අන්දමට කවුළු සහ වේදිකා සකස් කර ඇත. වේදිකාවට විරුද්ධ පසින් සොල්දාදු කාමර, ගබඩා කාමර සහ ලන්දේසී කාර්යාල පිහිටා ඇත.
විශ්කම්භය අඩි නවයක් පමණ වන බොලොක්ක ලිඳක් ද මධ්යෙය් පිහිටා ඇත. ඉහළ වේදිකාවේ ජලය තුන් පැත්තකින් දිය අගලට බේරී යයි. එය ත්‍රිකෝණාකාර භූගත ජල වහන ක්‍රමයකි. පිට අගලේ මිනීමරු කිඹුලක් සිටින බව ද පැවසේ. ප්‍රාග් ඓතිහාසික මී මුත්තෙකු වූ මැණික් හාමිගේ ඇටසැකිල්ල ද මෙහි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඓතිහාසික ස්ථාන රැසක් ඇති මාතර දිස්ත්‍රික්කය හරහා ගමන් ගන්නෙකු මාතර තාරකා කොටුව නැරඹීමට අමතක නොකළ යුතු ස්ථානයකි.