top of page

      1938  මැයි මාසෙ 27 වෙනිදා වනජීවී අභයභූමියක් ලෙස නම් කළ මෙය ජාතික  වනෝද්‍යානයක් ලෙස උසස් කරනවා 2006 මැයි 18 වෙනිදා. ශ්‍රීලංකා  පක්ෂි විද්‍යා සංසදය මගින් පක්ෂින් නැරඹීමට සුවිශේෂ වූ කඳුකර පරිසර පද්ධතීන් ලෙස නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය සහ ගැල්වේ'ස් ලෑන්ඩ් වනඋයන නම් කර තිබෙනවා. නුවරඑළියේ නගර සීමාවෙමයි  මේ වන උයන තියෙන්නෙ.  

 

     නගරයෙන් බොහෝ  ඈතට නොගොසින් වනයකට ඇතුලු වී සොබාදහමේ අසිරියත් සමඟ ඒකාත්මික වන්නටනම් හොඳම තැනයි මේ. අපේ රටේ නගර සීමාවක් තුල පිහිටි එකම වන අභය භූමිය මෙයයි. (නුවරඑළිය නගරයේ සිට 1 km පමණ)  2007 වසරේදී ගැල්වේස් ලෑන්ඩ් මෙරට කුඩාම ජාතික වනෝද්‍යානය ලෙස නම් කළා. ඒ නිසාම ගැල්වේස් ලෑන්ඩ් ඉහළ කඳුකරයේ පිහිටවූ පළමු ජාතික  වනෝද්‍යානය ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ලංකාවේ අනිකුත්  වනෝද්‍යාන තුල දක්නට නොලැබෙන පරිසර තත්ව, සත්ව සහ ශාක ප්‍රජාවක් මෙහිදී දකින්නට ලැබෙනවා.   

 

     නුවරඑළිය නගර මධ්‍යයේ සිට උඩුපුස්සැල්ලාව මාර්ගයේ කිලෝ මීටරයක් පමණ ගමන් කරද්දී ආර්ථික මධ්‍යස්ථානය අසල ගැල්වේස් මාර්ගය සොයා ගන්නපුලුවන්. ඒ මාර්ගය ඔස්සේ කිලෝමීටරයක් පමණ ගමන් කරද්දී ඔබ ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ පිවිසුම දකීවි. වල් ඌරා, වැලි මුවා, හඳුන් දිවියා, කළු වඳුරා, දඬු ලේනා සහ හාවුන් යන සතුන් මෙහිදී දැකගත හැකි අතරය උද්‍යානයේ දැකිය හැකි උරග විශේෂයන් සීමාවී ඇත්තේ දේශගුණික තත්ත්වයන් නිසාය. එහෙත් නයා, ලේ මැඩිල්ලා වැනි සර්පයන්ද කොපුල් කමැස්සා, අංකටුස්සා සහ කුරු බෝදිලිමා යන කටුසු විශේෂයන්ද සමනළ විශේෂ රැසක්ද මෙන්ම උභය ජීවීන් රැසක්ද දැක බලාගත හැකිය."

ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page