top of page

සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස්

1972 වන විට ජනප්‍රියත්වයේ ඉහළ තලයක සිටි සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් කණ්ඩායම පියවරෙන් පියවර විවිධ අත් හදා බැලීම් උපයෝගී කර ගනිමින් 1972 වන විට "නෝනේ මගේ සුදු නෝනේ" ගීතය ද 1980 වසරේ පර්යේෂණ ගීතයක් ලෙස "කුරුමිට්ටෝ" ගීතය ද ගායනා කරන ලදී. 1980 වසරේ එළි දැක්වූ මෙම ගීත තුළ ද ඇත්තේ හාස්‍යය මතු කරමින් සමාජයේ ඇති ගුණ අගුණ  පෙන්වා දීමකි. "දැන දැන වැරදි කරනවා, කුරුමිට්ටෝ" යන ගීත මෙයට නිදසුන් වේ. රටේ විවිධ වීවේචනවලට ලක් වෙමින් තම ශෛලිය ඉදිරියට ගෙන යෑමේදී සුනිල් පෙරේරා විසින් ගායනා කළ ගීත තුළ මෙම ශෛලිය ගැබ් වූවද කණ්ඩායමේ සෙසු අයගේ ගීත තුළ තිබුණේ ආදර ගීත සහ තාරුණ්‍යට කතා කරන ගීත ශෛලියකි. පෙම් ලොවේ, ලස්සන ලෝකයේ, ලස්සන ඇස් දෙක ඉන් කීපයකි.

2014-02-26 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි

 

1970 යුගයේ බිහී වූ කණ්ඩායම් අතර සංගීත ක්ෂේත්‍රයේ වෙනස් මඟක් ගත් කණ්ඩායමකි. ජිප්සීස් කණ්ඩායම "අහිකුණ්ඨකයෝ"යන අරුත ඇති මෙම කණ්ඩායමේ නියාමක සුනිල් පෙරේරාය.

   

            1952 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දින උපත ලද ඔහුගේ සම්පුර්ණ නම අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරාය. 1958 ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ද පසුව කොළඹ ශාන්ත පීතර විදුහලෙන්ද අධ්‍යාපනය හැදෑරු සුනිල් පෙරේරා පාසලේ සංගීත කණ්ඩායමේ නියෝජිතයෙකි.  ප්‍රැන්සිස් පීටර් පෙරේරා සහ මව ඇලීනා එලිසබෙත් පෙරේරා යන ඔහුගේ දෙමාපියන් කතෝලික භක්තිකයන් වුහ. ඔවුන්ගෙන් ලැබුණු සයෝගයත් දෙව් මැඳුරේ ගීතිකා ගායනා කරන විට ලැබුණු දායාදයත් ඔවුන්ට සංගීතයට ආදරයක් ඇති කළෝය. තම පවුලේ සාමාජිකයන් හතර දෙනෙකු වූ නිහාල්, නිමල්, ලාල්, පියල් සහ ඥාති සොයුරන් දෙදෙනෙකු සමඟ ආරම්භ කළ ජිප්සීස් ගායක කණ්ඩායම බටහිර ගීත ගායනා කළ ද 1973 වසරේ ඔවුන්ගේ කුළුදුල් ගී තැටිය නිකුත් කරන ලදී. "අම්මා අම්මා මේ මට" සහ "ලිඳ ලඟ සංගමය" ගීත එහි අඩංගු වූ අතර හාස්‍යය මතු කරමින් සමාජයට පණිවිඩ ගෙනෙන ගීත ශෛලියක් එහි ගැබ් වී තිබුණි. ගීත පටිගත කිරීමේදී තාක්ෂණික ව ඉහළ තත්වයකින් නිම කර තිබු මෙම ගීත සංගීත ක්ෂේත්‍රයේ අන්දෝලනයකට පත් වූ ගීත  අතරට එක්විය ඉන් ලැබූ ප්‍රසිද්ධිය මත ඔවුන් 1974 වසරේ "දුන්නේ කිස් එකයි"  (I gave a kisses one)යන බටහිර ගීතයේ සිංහල පරිවර්ථනයත්. "ඔබ දුටු ඒ මුල් දිනේ, නිලුපුල් සුවඳ උරා, මට අයිතිය කඳුලයි" යන ආදර ගීත එළි දක්වන ලදී. "නිලුපුල් සුවඳ උරා" යන ගීතයේ ස්වර යෙදුම් ඉතා සිත් ගන්නා මට්ටමක යොදා තිබු මෙම ගීතය පියානෝ වාදක ජෝයි පෙරේරාගේ තනුවකි. 

1970 දසකය සිට 2014 දක්වා ආ දිගු ගමනේ ඔවුන්ගේ නවතම ගීතය "අපට කියන්න" යන ගීතයද සමාජය තුළ කළු සුදු දකින්නට හැකි හාස්‍යයෝත්පාදන ගීතයකි. වසර 60 සම්පුර්ණ කිරීම වෙනුවෙන් තම සොයුරු පියල් පෙරේරා, සුනිල් පෙරේරා වෙත නිර්මාණය කළ ගීතයක් ද එහි අඩංගු වේ. ගීත රචකයෙකු, වාදකයෙකු, ගායකයෙකු සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස යුග 04 ක් සංගීත ලොව පුරා ඔවුන් ආ ගමන ප්‍රසංසනිය වේ. 

 

රටක ජාතිය වෙනුවෙන් කණ්ඩායමක යුතුකම මෙහෙවර ඉටු කරනු වස් ගායක ගායිකාවන් රැසක් සහභාගී කරගෙන "ලොවේ සැමා" සාමයේ ගීතය ඔවුන්ගේ ගීත අතර විශේෂ තැනක් හිමිවන ගීතයක් වන අතර "Our land" යන ඉංග්‍රීසි සාමයේ ගීතයද ඔවුන් එළි දැක්වූ ගීත අතර පැසසුමට ලක් වූ ගීත අතර වේ. "සයිමා කට් වෙලා, ලතා ඉතිං කතා කරන්න, ලිඳ ළඟ සංගමය, ඇයි, ලංකාවේ ලංකාවේ, කුරුමිට්ටෝ" වැනි ගීත සරල පද මලාවන්ගෙන් සහ කටවහරේ එන වචන භාවිතා කළ ද එම ගීත යට  සැඟවී ඇති අරුත සමාජය තුළ ඇති කළු සුදු මතු කිරීමේ ලක්ෂණයක් ඇත. 2000 යුගය වනවිට මේ ගී අතරට සුනිල් පෙරේරා සහ පියල් පෙරේරා තම පවූලේ සාමාජිකයන් සමග කිතුණු ගී සී. ඩී. තැටියක්ද නිකුත් කළේය.

1987 ඔවුන් "ලුණු දෙහි" නමින් එළි දැක්වූ ගීත 04 ක කැසට් පටය එවකට ලංකාවේ බිහි වූ ගීත 04 පළමු කැසට් පටය විය. නිතරම අත්හදා බලමින් වරින් වර ගීත එළි දැක්වූ සුනිල් පෙරේරා ඔජායේ, සිංඥෝරේ, ලංකාවේ අපේ ලංකාවේ, වැනි හාස්‍යයෝත්පාදන ගීත මෙන්ම ආදර ගීතද එළි දක්වන ලදී. ලීඩ් ගිටාර් වාදකයෙකු වූ සුනිල් පෙරේරා ඔහු ගායනා කළ ගීත සඳහා ගිටාර් වාදනයද ඔහු විසින් වාදනය කරන අතර සැම විටම සංගීත අධ්‍යක්ෂණයේ දී විවිධ අත්හදා බැලීම් කරමින් පටිගත කිරීම් ඉහළ තාක්ෂණයට හා වාදනයේ සමබරතාවය රඳවාගෙන තිබීම වැදගත් ලක්ෂණයකි.

1989 Band Of The Year සහ 1990 Show Biz Personality සම්මානවලින් පිදුම් ලැබූ  ජිප්සීස් කණ්ඩායම එතෙර මෙතෙර රසිකයන්ගේ ප්‍රසාදයට හිමි වූ කණ්ඩායමක් වූ අතර වරි වර එහි සාමාජිකයන් වෙනස් වුවද එහි සංගීතමය තත්වය ඉහළ තලයේ පවත්වා ගත් මෙහි වර්තමානයේ සුනිල් පෙරේරා සමඟ පියල් පෙරේරා, ඩෙරික්, රනිල් වාස්, ජෝර්ඩන් අතුල, දුෂාන් ජයතිලක, සාමාජිකත්වය දරති. ජිප්සීස් නමින් තමන්ගේම ශබ්දාගාරයක් හිමි ඔවුන් ඔවුන්ගේම වෙළඳ නාමය වූ "ජිප්සි එන්ටප්‍රයිසස්" නමින් තම ගීත බෙදා හරිති. සංගීතයෙන් ව්‍යාපාරික කටයුතු සමබරව ගෙන යන ගීතා පෙරේරා සමඟ විවාහ වී සිටින අතර පුතුන් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකුගේ දයාබර පියෙකු වේ.  

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page