

1975 ඔවුන්ගේ දෙවන තැටිය නිකුත්විය. ඒ වනවිට මානෙලා ප්‍රනාන්දු වෛද්‍යවරියක් ලෙස පුහුණු වෙමින් සිටි බැවින් එම ගීත ගායනා කළේ වින්සලෝ සික්ස් හි අනෙකුත් සාමාජිකාවන් විසිනි. ආදරයයි කියලා, තරුණ හිතක බලේ, up with people,යන බටහිර ගීතය සහ එකළ ජනප්‍රිය ගීතයක් වූ "kandy ළමිස්සි" ගීතයට පිළිතුරු ගීතයක් ලෙස "කොළඹ ගැටිස්සි "යන ගිතය ද අඩංගු විය. අධ්‍යාපනයට මුල් තැනක් දෙමින් සංගීත කටයුතු කළ ඔවුන් පසුව ටී.එම් ජයරත්න සමඟ "ඇසේ මධුර ජීවනයේ ගීතා" යන ගීතය පටිගත කරන ලදී.එයට අමතරව විශේෂ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවේ "ජාතික ගීතය" ටී එම් ජයරත්න සමඟ ගායනා කරන ලදී. අධ්‍යාපන කටයුතු සහ එකිනෙකා විවාහ වීමත් සමග විදේශ ගතවීමත් නිසා කණ්ඩායමක් ලෙස ඔවුන්ට පියවර තබනට නොහැකි වුවද මානෙලා ජෝසප් වරින්වර නිර්මාණ දායකත්වයක් ලබා දුන්නාය.
01-04-2014 දින මානෙලා ජෝසේෆ් ගී රේඩියෝ සමග කළ සාකච්ජාවක් ඇසුරෙනි
70 යුගයේ බිහි වූ කණ්ඩායම් ගී අතරට නවතාවයකින් එකතු වූ කණ්ඩායමක් ලෙස "වින්ස්ලෝ සික්ස්" කණ්ඩායම හඳුන්වා දිය හැකිය. එකම පවුලේ සය දෙනෙකු ආරම්භ කළ මෙම කණ්ඩායමේ විශේෂත්වය වුයේ කාන්තාවන් 5 දෙනෙක්ම කණ්ඩායම නියෝජනය කිරීමය. ලිවොන්, මානෙලා, මෙලනි, නිලානි, ඉරෝමි යන සොයුරියන් සහ වින්ස්ලෝ යන සොයුරා සමග මෙම කණ්ඩායම නම් කර ඇත්තේ පවුලේ එකම සොයුරාගේ නාමය යොදමින් "Winslow Six" යනුවෙනි. මොරටු ප්‍රදේශයේ පදිංචි කරුවන් වූ ඔවුන් සියලු දෙනා පාසල් ගියේ මොරටුවේ ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමයටය. වින්සලෝ අධ්‍යාපනය ලැබුවේ ශා: සෙබස්තියන් විදුහලේය. කතෝලික භක්තිකයන් වූ ඔවුන් දෙව් මැඳුරේ ගීතිකා ගායනා කිරීම ඔවුන්ගේ ගායනයට අත්වැලක් විය.




වින්ස්ලෝ සික්ස්
ඒ අනුව ඇය වයස 17 දී ලියූ පද මාලාවක් 1980 වසරේ මුල් අවදියේ පටිගත කරන ලදී. "දළුලා එන අතුරිකිල්ලේ" යන මෙම ගීත මව් පිය සෙනෙහස ගැන උපමා සහගතව ලියූ ගීතයක් වන අතර තනුව ද ඇය විසින් ම නිර්මාණය කරන ලදී. සංගීත සංයෝජනය ලෝරන්ස් ප්‍රනාන්දු ගෙනි. එම ගීතය ඇතුළුව බටහිර ගී 11 ක් "originals from sri lanka" නමින් කැසට් පටියක් එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ස්වනිර්මාණ එළිදක්වන සුළුතරය අතර ඇයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. 2011 වසරේ නැවතත් ඇය සංයුක්ත තැටියක් එළි දක්වන ලදී. ඔවුන් පෙර ගායනා කළ සිංහල සහ බටහිර ගීත 16ක් එහි අඩංගු විය. නැවත ඇය "යෞවන සිහිනය" නමින් ගීතයක් නිර්මාණය කරන ලදී.
පාසලේදීද ගායනය සඳහා සහභාගී වූ අතර පියානෝව සහ පියානෝ එකෝඩිනය වාදනයට ඔවුන් දක්ෂතාවයක් දැක්වුහ. මෙහි ගායනය තුළ මුලිකත්වයක් දැරූ මානෙලා ප්‍රනාන්දු (ජෝසෆ්) කුඩා කළ සිටම ගීතයක් තැටි ගත කිරීමේ සිහින මැව්වාය. බටහිර ගීත ගායනයට ඔවුන් සහජ දක්ෂතා දැක්වුහ. හිතවතුන්ගේ සාදයන් හි ඔවුන් ගී ගයන විට බොහෝ දෙනා ඔවුන්ට ප්‍රසංසා කළහ. එකල මොරටුවේ හිතවතෙකුගේ නිවසකට පැවති සාදයකදී මානෙලා ප්‍රනාන්දු තම සොයුරියන් සමඟ විදේශීය ගායිකා කැරන් කාපෙන්ටර්ගේ ගීතයක් වූ "i am no body's child" ගීතය ගායනා කළ අවස්ථවක සංගීත ශිල්පියෙකු වූ නිශ්ශංක විමලසුරිය ඔවුන්ගේ ගායනය ඇසූ පසු ඔවුන්ගේ ගායනය සහ Harmony ගායනා ඉතා ඉහළ මට්ටමක තිබූ බව වටහාගෙන ඔවුන් දිරිමත් කරන ලදී. ඇය පියවරක් ඉදිරියට තැබුවාය.
කණ්ඩායමේ නායිකාව මානෙලා ප්‍රනාන්දුට ගීත රචනා කිරීමේ හැකියාව තිබිණ. ඇය පාසල් කාලයේ නිර්මාණය කළ ඉංග්‍රීසි ගීත දෙකක් සඳහා ඇය විසින්ම තනු නිර්මාණය කරණ ලදී. ඇය කළ මෙම නිර්මාණ සඳහා සංගීතය අධ්‍යක්ෂණය කර දුන්නේ නිශ්සංක විමලසුරිය ශිල්පියා විසිනි. පසුව ඔහු නිහතමානී ලෙස එකල ගීත පටිගත කරන ප්‍රධාන ලේබලයක් වූ සුරිය ලේබල් හි අධිපති ජෙරල්ඩ් වික්‍රමසුරිය මහතාට ඔවුන්ව හඳුන්වා දීමෙන් අනතුරුව ගීත තැටියක් කිරීමේ අවස්ථාව ඔවුන්ට උදා විය. පසුව ක්ලැරන්ස් විජේවර්ධන විසින් ඔවුන්ට ගීත 2ක් නිර්මාණය කරන ලදී. 1971 නිකුත් වූ එම තැටියට ඇය නිර්මාණය කළ picnik on the beach සහ ලෝකය තුල අප මතුපිට දකින බොහෝදේ යථාර්ථය නොවන්නට පුළුවන් යන අදහස ඇති "wake up"යන බටහිර ගීත 2ක් සහ ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණය කළ "දුව රෝෂි" සහ "රන් මොණරුන්" යන ගීත අඩංගු විය. ගායනය තුළ තිබු විශේෂත්වයත්, harmony ගායනයන් මුසුවූ ගීත නිසාත්, ඔවුන්ගේ නැවුම් හඬ පෞර්ෂය නිසාත්, එම ගීත රසිකයන් අතර ජනප්‍රිය ගී ගොන්නට එකතු විය.
ප්‍රේමය ගැන කියවෙන මේ ගීතය තුළ ඇයගේ ගායනය තමන්ටම අවේණික වූ ගායන හැඩ ලතාව නිසා ගීතයේ හැඟුම් බර බව ඉස්මතු වී ඈත. සාහිත්‍ය අධ්‍යනය කර ඇති ඇය ගී පද රචනය ගැන දක්ෂතාවයක් දක්වන්නීය. එම හේතුවෙන් අර්ථවත් පද මාලාවන් සඳහා ගී ගැයූ බටහිර කණ්ඩායමක් වූ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ගීත නව ඉදිරිපත් කිරීමක් සඳහා කටයුතු යොදා ගෙන යන මානෙලා ජෝසප් ජයවර්ධන පුර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියක් සහ උපදේශකවරියක් ලෙස කටයුතු කරයි. වෛද්‍ය වෘත්තීය සහ සංගීතය යන අංශ දෙකෙන්ම මිනිසා සුවපත් කිරීමේ දක්ෂතාවය ඇති මානෙලා ජෝසෆ් නම් කලා ශිල්පිණිය, මෙතෙක් ගායනා කළ ඉංග්‍රීසි සහ සිංහල ගීත ප්‍රමාණය 30 කි. නමුත් එම ගීත අදටත් රසිකයන්ට රස විඳින්නට හැකිවීම සතුටකි.