top of page

නිහඬතාවය බිඳිමින් 1970 "ඔබ සොයනා කළු කෙල්ල මමයි" නමින් ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ කුළුදුල් ගී තැටිය එළි දැක්විණ. නෙත් යුග රන්තරු, මා ඔබේ කළු කෙල්ලයි, ආදරේ කියන්න දන්නේ නෑ, ආදරේ නෑ ආදරේ, යන ගීත එහි අඩංගු විය. මේ ගීත ඇය පෙර ගැයූ ගීත ශෛලියට සමගාමීව නිර්මාණය වීම නිසා රසිකයන් අතර ජනප්‍රිය ගී ගොන්නට එකතු විය. මේ ගීතයන්ද  Harmony ගායනා මුසු වූ ගීත වූ අතර ප්‍රසිද්ධ වේදිකාව තරණය කිරීමට ඔවුන්ගේ ගීත සමත් විය. කොළඹ ප්‍රෙස්බිටේරියන් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔවුන් සංගීතය කෙරෙහි ඇල්මක් දැක්වූයේ පාසල් වියේදීමය. මල්ලිකා පෙරේරා පණ්ඩිත් අමරදේව, බී. වික්ටර් පෙරේරා, ෂෙල්ටන් ප්‍රේමරත්නයන් යටතේ සංගීතමය පෝෂණය ලැබූ ගුවන්විදුලි ගායිකාවක් විය. ඇය, "බඩුත් එක්ක හොරු", "දහසක් සිතුවිලි", "සුදෝ සුදු", "ගොපලු හඬ" යන චිත්‍රපටි වලට පසුබිම් ගායනයෙන් දායක වී තිබේ.

2014-07-24 දින අයිරාංගනී පෙරේරා සහ ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගී රේඩියෝව කළ සාකචාඡාවක් ඇසුරෙනි.

 

     ශ්‍රී ලංකාවේ බිහි වූ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ, එකම පවුලකින් සොයුරියන් තිදෙනෙකු එකතු වී ආරම්භ කළ පළමු ගායක කණ්ඩායම "ත්‍රී සිස්ටර්ස්" නම් විය. ඉන්ද්‍රානි පෙරේරා, මල්ලිකා පෙරේරා සහ අයිරාංගනී පෙරේරා යන සොයුරියන් තිදෙනාගෙන් සැදුම් ලත් මෙම කණඩායම බිහි වන්නේ ඉන්ද්‍රානි පෙරේරා ගේ මුලිකත්වයෙනි. 1967 මුන්ස්ටෝන්ස් කණ්ඩායමේ නිත්‍ය ගායිකාව ලෙස එම කණ්ඩායමට එකතු වූ ඉන්ද්‍රානි පෙරේරා එම කණ්ඩායම සමඟ "දිල්හානි දුවණි, සීගිරිය, පෙම් කතාව සහ කුරුළු ජෝඩුවක්" යන ගීත ගායනා කළ පසු කණ්ඩායමෙන් ඉවත් විය. එවකට ගුවන් විදුලියෙන් පමණක් ගීත රසවිඳින යුගයක් වූ බැවින්මේ නැවුම් හඬ කාගේදැයි රටම විමසිලිමත් විය. මන්ද මුන්ස්ටෝන්ස් කණ්ඩායමේ ඊලඟ තැටියට ඇයගේ ගීතයක් අඩංගු නොවීය. මුළු රටම ඇය ගැන විමසිලිමත්විය. ඒ වන විට ඇය ගායනා කළ ගීත රසිකයන්ගේ සිත් සොරාගෙන තිබුණි.

     "ඔබ සොයනා කළු කෙල්ල මමයි, පෑහි එක ලෙස බැඳී, නෑ ආදරේ නෑ, ආදරේ කියන්න දන්නේ නෑ" යන ගීත හේම ශ්‍රී අල්විස් සහ ලක්ෂමන් පෙරේරා රචනා කළ අතර වික්ටර් දළුගම සංගීත වේදියා සංගීතවත් කරන ලදී. මේ ගීත ගායනය තුළ මුසු වී තිබුනේද  බටහිර ගීත ශෛලියයි. ගායනය තුළ තිදෙනෙකුගේ හඬ ඉතා සංයමයකින් සංකලනය වී තිබුණි. 1970 දී නැවත ඔවුන් ඉඳුනිල් මැණිකා, පිපෙන පියුම්, මම කිරිල්ලියක් වෙලා, කුමාරි හාමි, මේ ගීය මම ගයන්නේ, යන ගීත ගණනාවක් එළි දක්වන ලදී. එක් එක් ගීතයේ තනුවට  අනුව ගැලපෙන ලෙස හඬ මුසු කරන ලදී. "කුමාරිහාමී කුමාරිහාමි" ගීතය මල්ලිකා ප්‍රමුකව ගායනා කළ අතර "මේ ගීය මම ගයන්නේ" ගීතය අයිරාංගනී ප්‍රමුකත්වය ගෙන ගායන කරන ලදී. සිහින් සිනිදු ගීතය ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛත්වය දරමින් ගායනා කරන ලදී. බිහි වූ බොහෝ ගීත ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛත්වය දැරූ ගීත විය. මහගමසේකරයන් පද රචනා කළ සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ "ගලා සුවඳ රස අඳුන්" ගීතය ඔවුන් "සිහින ලොවක්" චිත්‍රපටිය සඳහා ගායනා කරන ලදී. ඔවුන් කොතරම් ජනප්‍රිය වුවාද යත් එම චිත්‍රපට දර්ශනයේ පෙනී සිටියේද Three sisters කණ්ඩායමය.
 

ත්‍රී සිස්ටර්ස්

 

     1970 යුගයේ අවසාන වන විට ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි කණ්ඩායමක් ලෙස ත්‍රී සිස්ටර්ස් කණඩායම පැසසුමට ලක් වී තිබිණ. කාලය ගත වෙද්දී ඔවුන් එකිනෙකා යුග දිවියට පත් වුවද කණ්ඩායමක් ලෙස නිර්මාණ කරමින් ඉදිරියට පියවර තබන කරන ලදී. 1980 යුගයේ මල්ලිකා පෙරේරා ශිල්පිණිය මෙලොවින් සමුගත්ත ද ඉන්ද්‍රානි පෙරේරා කණ්ඩායමේ නම ආරක්ෂා වෙන ආකාරයට එම ගීත ඉදිරියට ගෙන යමින් තවමත් එම ගීත තුළින් රසිකයන් පිනවමින් සිටි. ඔවුන් ගැයූ ගීත අදටත් රසිකයන් රස විඳින්නේ ඔවුන් එදා බිහි කළ නව ශෛලිය නිසාවෙනි.

ඇය අනුගමනය කළ මද්දුම සොයුරිය ඉන්ද්‍රානි පෙරේරා, නිවසේ තිබූ ටේප් රෙකෝඩරයකින් තම ගායනා පටිගත කරමින් ඇය ගේ හඬ ගැන ස්වපරීක්‍ෂණයක යෙදුණි. තම හඬේ අඩු පාඩු ඇය විසින්ම හදාගනිමින් දක්ෂතාවය ඔප මට්ටම් කරගත් අතර පාසලේ සංගීත ගුරුවරිය ඇයගේ දස්කම් හඳුනාගෙන ඇයව අන්තර් පාඨශාලා තරගයක් සඳහා යොමු කරන ලදී. ඉන් ඇය හතරවන ස්ථානය ලබා ගන්නා ලදී. ඔවුන් දෙදෙනාව අනුකරණය කළ බාල සොයුරිය අයිරාංගනී පෙරේරා ද නිතැතින්ම ගායනයට යොමු විය. මල්ලිකා පෙරේරා රාගධාරී සංගීතය ඉගෙන ගන්නා අතර ඉන්ද්‍රානි පෙරේරා බටහිර ශෛලියේ ගීත පුහුණු විය. එහෙයින් ගීතයකට Harmony ගායනා මුසු කිරීමට ඔවුන්ට දක්ෂතාවය තිබිණ. ඔවුන්ගේ පළමු ගී තැටිය මේ බව මනාව පිළිබිඹු කරයි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page