top of page

     1975 වසරේ එවකට බටහිර ගායක කණ්ඩායමක් වූ එක්ස්පෙරිමන්ට් කණ්ඩායම් සාමාජිකයන් වූ චිකෝ,මාලන්, බ්‍රයන් ඩැරල්, ඇන්ජලෝ, ඇතුළු සියලුම සාමාජිකයන් විදේශ ගත වුයෙන් එම නමින්ම ඔහු එම කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට භාර ගත්තේය. ඒ වනවිට නීතිඥයෙකු ලෙස ද කටයුතු කරමින් සිටි සොහාන් වීරසිංහට තම රැකියාවත් සංගීතයත් සමබර කර ගැනීමට මෙම අවස්ථාව වඩා පහසු විය. 1975 වසරේදී ඔහු "සොහාන් ඇන්ඩ් ද එක්ස්පෙරිමන්ට් කණ්ඩායම ආරම්භ කරන ලදී. එස්ටල් ගුණසේකර, විලි, චිකෝ ,මාරියෝ යන සාමාජිකයන් සමඟ ඔහු නව පියවරක් තැබුවේය.බටහිර ගීත මෙන්ම සිංහල ගීත ද ඔවුන් මෙම කණ්ඩායම තුළින් ගායනා කරන ලදී. 1975 වසරේ ශායමි ෆොන්සේකා නිකුත් කළ බටහිර ගීත L.P තැටියට වාදනයෙන් සහය දුන්නේ ඔවුන්ගේ කණ්ඩායම විසිනි.

සොහාන් වීරසිංහ  2014-04-22 දින ගී රේඩ්යෝ සමග කළ සාකච්චාවක් ඇසුරිනි

 

     සොහාන් වීරසිංහ කණඩායම් සංගීත ක්ෂේත්‍රයේ බටහිර ගීත ගායනයෙන් රසිකයන් පිනවන ගායකයන් අතර ප්‍රමුක පෙලේ සිටින ගායකයෙකි. ඔහුගේ සම්පුර්ණ නම වන්නේ සේනක පණ්ඩුකාභය නිහාල් වීරසිංහය.සොහාන් වීරසිංහ යනු ඔහුගේ තරු නාමය වේ. සංගීතමය පවුලක උරුමය ඇති ඔහු ගේ පියා ලෙනාඩ් වීරසිංහ දක්ෂ වයලින වාදකයෙකු වූ අතර මව ලලිතා වීරසිංහ  දක්ෂ පියානෝ වාදන ශිල්පිනියකි.එරංගා වීරසිංහ ඔහුගේ සොයුරියද දක්‍ෂ ගායිකාවකි. ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලෙන් සහ  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු  1974  වසරේ "Obsever Talent Search" බටහිර ගී තරඟයට සහභාගී විය.එහි පළමු සහ අවසාන තරඟයේන් ද ඔහු ජයග්‍රහණය කළේය. ගායනයේ අසීරු ගීතයක් වූ  Engelbert Humperdink ගායනා කරන "The way it used to be" යන ගීතය ඔහු තරඟය සඳහා ගයනා කරන ලදී.  ඒ වන විට අධ්‍යාපනය හමාර කර නීති විද්‍යාලයේ ඉගනුම ලබමින් සිටි ඔහුගේ දක්ෂතාවය දුටු ඔගී රණවීර එකල ජනප්‍රිය කණ්ඩායමක් වූ "මුන්ස්ටෝන්ස්" ගායක කණඩායමේ බටහිර ගීත ගායනය සඳහා ඔහුට ආරාධනා කරන ලදී. එම කාලයේදී ම එවකට බටහිර ගී ගයන කණ්ඩායමක් වූ  " Gabo and the Break Aways" කණ්ඩායමේ බටහිර ගීත ගායනයට ද ඔහුට අවස්ථාවක් උදා විය. ඔහු එකවර මුන්ස්ටෝන්ස් සහ gabo and the breakaways සමඟ ගී ගායනයෙන් සහභාගී විය. Engelbert Humperdinck,Elvis presley,Tom Johns යන  ගායකයන්ගේ ගීත ඔහු කණ්ඩායම් සමඟ ගායනා කරන ලදී.  කාර්ය බහුලත්වය සහ ඔහුගේ අනන්‍යතාවය වඩා ඉස්මතු කර ගැනීමට ඔහු Gabo and the BreakaWays කණ්ඩායමට ස්ථිර ලෙස  සම්බන්ධ විය. 

     1978 වසරේ ඔහුගේ සොයුරිය එරංගා නිකුත් කළ (එරංගා සහ ප්‍රියංගා )songs of sri lanka කැසට් පටයට සොහාන් වීරසිංහ "මගේ "ඔරු කඳත් දිරාලා" ගීතය ගයනා කළේය. මෙය චන්ද්‍ර දේවදිත්‍ය රචනා කළ අතර තනුව සොහාන් වීරසිංහ ගේ විය. එම කැසට් පටයේ තමාගේ Experiments කණ්ඩායමේ ගීත ද අඩංගු විය. ඔහු තම සොයුරිය එරංගා සමග "රළ බිංදු සහ මගේ හදවත තුළ තෙරපී  (අක්කා සහ මල්ලි )  යන ගීතත් , කණ්ඩායමේ ගායිකා එස්ටල් ගුණසේකර ගැයූ "ඔබ ලබා ගන්න ඔබ හට ඇති ආදරේ හන්දා (පසුව මෙම ගීතය මරියසෙල්ගුණතිලක විසින්ද ගායනා කරන ලදී ) සොහාන් සමග එස්ටල් ගායන"සිතට ගතට දැනෙන ලෙසට (මෙම ගීතය පසුව සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි ගායනාකරන ලදී )සමඟ එස්ටල් ගුණසේකර ගායනා කරන  "ආශා ලෝකේ" (පසුව මෙම ගීතය ශානිකා වනිගසේකර , එස්ටල් ගුණසේකර සමග ගයන ලදී) යන ගීත එහි අඩංගු වූ අනෙකුත් ගීත විය. 

සොහාන්සමග එක්ස්පෙරිමන්ට්ස්

     1990 යුගයේ සොහාන් වීරසිංහ රුපවාහිනියේ ප්‍රචාරය වූ "මන්දාකිණි" වැඩසටහනට ගයනා කළ "ආදරේ " ගීතය නිසා ඔහුට රසිකයන්ගේ ප්‍රසාදය වඩා හිමි විය. බටහිර ගීත කියන ගායකයෙකු මෙවැනි ගීතයක් ගයනා කිරීම විශේෂත්වයක් විය.එම ගිතයේ තනු නිර්මාණය කළේ ද ඔහු විසිනි. නැවතත් ඔහු 2000 වසරේදී "Baila mos"යන ගීතයේ තනුව අනුව සිංහල ගීතයක් එළි දක්වන ලදී. "හිම කුමරියේ" නමින් එළි දැක්වූ මෙම ගීතයට පද රචනා කළේ ලකී දේවා විසිනි. මෙම ගීත රසිකයන් අතර බොහෝ ජනප්‍රිය විය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page