top of page

සමනළයෝ -රේමන් ෆොන්සේකා

     ඒ අනුව 1967 දී ඔවුන්ගේ කුළුදුල් ගී තැටිය නිකුත් විය. ෆිලිප්ස් ලේබලයෙන් එළි දැක්වුණු මෙම E.P තැටියට, නැළවෙන මව් උකුලේ, පැද්දී මේ ඔරුවේ, නැටුම් ගුරුවරිය යන ගීත අඩංගු වූ අතර එහි නැටුම් ගුරුවරී ගීතය එකල ඔහු පෙම් කළ නැටුම් ගුරුවරියක වූ තම බිරිඳ ශාමෙන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි. නැළවෙන මව් උකුලේ ගීතයේ Harmony ගායනය කැපී පෙනින. එහි "හොඳ අම්මා ආදර පෑවා" යන කොටස මේ බව මනාව පෙන්වා දෙයි. පසු කලෙක බොහෝ ගායිකාවන් මේ ගීතය අධි වේග රිද්ම ගීතයක් ලෙස ගායනය කළද එහි පද මාලාවට සරිලන ලෙස මුල් ගීතයේ එවැනි වේග රිද්ම ගීතයකින් මතුවන කලබලකාරී බව නොරැඳී තිබිණි. එම ගීත රේමන් ෆොන්සේකා නිර්මාණය කළ අතර සංගීත අධ්‍යක්ෂණය පැට්‍රික් දෙණිපිටිය සංගීත ශිල්පියා අතින් නිම විය. ඔවුන් ගායනා කළ ගීත ශෛලියට බටනලාව, ක්ලැරිනටය, සහ හවායන් ගිටාරය කණ්ඩායම් ගී ශෛලියට උචිත ආකාරයෙන් යොදාගෙන තිබුණි. නැටුම් ගුරුවරි, ඇතුළු තේ රබර් පොල් ගීතය ගායනා කිරීමෙන් පසු කණ්ඩායම් විසිර ගියමුත් රේමන් ෆොන්සේකා 1971 වසරේ සියැක් සංගීත කණ්ඩායම හා එක්විය.

 

     අත්හදා බැලීමක් ලෙස විදුලි ඔර්ගනය පමණක් යොදාගෙන ඔහු ගායනා කළ "මෑතක සිට" ගීතය රසිකයන් පිනවූ තවත් ගීතයකි. එය ලංකාවේ Rythm Box යොදාගෙන නිර්මාණය වූ පළමු ගීතයයි. එම ගීතය සමඟම ජේන් ජේන්, බිනරමලී, ඩං ඩං කුටු කුටු ගීතද එළි දක්වන ලදී. මෙහි තනු නිර්මාණය රේමන් ෆොන්සේකා අතින් නිම වූ අතර සංගීත සංයෝජනය සෝමසිරි මහතා අතින් නිර්මාණය විය. රෝහිත ජයසිංහ ගායනා කළ සෝභන සැන්දෑවේ ගීතය නැවත ඔහු විසින් පටිගත කළ අතර 1983 දී සෙරනේඩ් සංගීත කණඩායමට එකතු වුණු රේමන් ෆොන්සේකා ඔහු මිතුරු සංගීත ශිල්පී ලාල් තේනබදු, මයික් ගුණසේකර, ඩික්සන් ගුණරත්න, සමඟ යුරෝපා සංචාරයේ යෙදී සංගීත කටයුතු ඉදිරියට කරගෙන ගියේය. පසුව 1985 සිට 2005 වසර දක්වාම තම දියණියද එකතු කරගෙන යුගල සංගීත කණ්ඩායමක් ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ මෙහෙවරක් කළේය. ඔවුන් ගැයූ මුල් ගීත නැවතත් නවක පරපුර නව සංගීත සංයෝජන යොදාගෙන ගායනා කරන්නේද මුල් ගීතයේ ඇති තනු සහ ගායනා ශෛලිය තුළ තිබු විශේෂත්වය නිසාවෙනි. වර්තමානයේ  ඔහු වාද්දුව උසස් අධ්‍යාපන පීඨයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් තරුණ පරපුරට අධ්‍යාපනයෙන් එතෙර යන්නට අත්වැලක් වී සිටිය ද  ඔහු තුළ සංගීතයට ඇති රුචිකත්වය එලෙසින්ම පැවතීම සතුටට කරුණකි. 

 

 

     ශ්‍රී ලංකා කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ බිහි වූ තවත් අපුරු සංගීත කණ්ඩායමකි සමනළයෝ. රේමන්ඩ් ෆොන්සේකා, නිහාල් සිල්වා සහ ඔහුගේ ඥාති සොයුරු රෝයි ෆොන්සේකා යන තෙමිතුරන් මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විය. මොවුන් තිදෙනා බොරැල්ල ශාන්ත ඇලෝශියස් විදුහලේ දෙව්සත්හලේ අධ්‍යාපනය ලබමින් සිටින අවදියේ ඔවුන්ට මෙවැනි සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට අදහසක් නොතිබිණ. නමුත් එකල ජනප්‍රියව සිටි ලොස් කැබලේ රොස් C.T ප්‍රනාන්දු යන ගායකයන්ගේ ගායන ශෛලියට ඇළුම් කළ ඔවුන්ගේ එම ගීත වලින් සංගීතමය උද්දීපනයක් තුළින් සිත් මෝදු වෙමින් තිබිණ. කතෝලික දෙවි මැඳුරු පරිසරයේ හැදී වැඩුණු මොවුන්ට දෙව්මැඳුරු කන්තාරු ගායනයෙන් ලැබුණු පුහුණුව මත පාසලේ තරග වලදී ජය අත් කර ගැනීමට හැකි වුයේ ඔවුන් තුළ තිබු ගායන කෞශල්‍ය නිසාවෙනි. Harmony ගායනයේ දක්ෂතාවය තිබු ඔවුන්ට එම පාසලේම ඉගනුම ලබා ඉන් ඉවත්ව ගොස් සිටි මිතුරෙකු වූ පැට්‍රික් කුරේරා ඔවුන්ට අපුරු යෝජනාවක් ගෙන ආවේය. ඒ එවකට ඔහු ආරම්භ කර තිබු ගෞරි කෝපරේෂන් හරහා ගී තැටියකට ගීත ගායනයටය.

 

රේමන් ෆොන්සේකා සමඟ ගී රේඩියෝව කළ සාකච්ජාවක් ඇසුරිණි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page