

නිහාල් ප්‍රනාන්දු 1970 දසකයේ සිට සංගීත කණ්ඩායම් කීපයකම සාමාජිකත්වය දරා ඇත. Golden Chimes, Talk of the Town, Ice and fire, Sam the man...ඉන් කීපයකි. 1990 දසකයේ “අම්බලමේ පිනා” යනුවෙන් ගී හතරක් අඩංගු කැසට් පටයක් නිකුත් කළ ඔහු වර්තමානයේ “නීරෝ” නමින් ත්‍රී පුද්ගල සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යයි.
නිහාල් ප්‍රනාන්දු සහ තිලක් පෙරේරා 2014-04-22 දින ගී රේඩ්යෝ සමග කළ සාකච්චාවක් ඇසුරිනි
මෙය1970 දසකයේ බිහි වූ සංගීත කණ්ඩායමකි. නිහාල් ප්‍රනාන්දු, රන්සිරි පීරිස්, මහේන්ද්‍ර රණසුරිය සහ තිලක් පෙරේරා, යන සාමාජිකයන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායමට ඩයමන්ඩ්ස් යන නාමය දුන්නේ විජය කොරයා මහතා විසිනි. 1972 දී ආරම්භ කළ මෙම කණ්ඩායම 1972 දී තම කුළුදුල් ගී තැටිය නිකුත් කලේය. "සමනළයා, අන්ද සිඟන්නා, ගොවි රාළ, දයා මගෙ”යන ගී හතරක් එහි ඇතුලත් විය. එහි සමනළයා ගීතය අයියා සහ කුඩා නංගී අතර ඇතිවන කතාවක් නිසාවෙන් එම ළමා ගායනය ප්‍රීති ප්‍රනාන්දු විසින් ගායන කරන ලදී. ගොවි රාළ ගීතයට තේජා මෙන්ඩිස් ගායනයෙන් සහය වූ අතර මෙහි සංගීතය මෙහෙය වූයේ වික්ටර් දළුගම මහතාය. වාදනයෙන් ක්ලොඩ් ප්‍රනාන්දු සහ රුක්ෂාන් පෙරේරා සහය විය. එහි lead guitar වාදනය කල නිහාල් ප්‍රනන්දු සංගීතය ආරම්භ කලේ පාසල් යන අවධියේදීම ය. මොරටුව වේල්ස් කුමාර විදුහලේ ඉගෙනුම ලැබූ ඔහු මිතුරන් සමඟ සංගීත කණ්ඩායමක් ආරම්භ කරන ලදි. පසුව Silver Shadows සංගීත කණ්ඩායමට එකතු විය. “මේ දෑස කුමට ද?” චිත්‍රපටය වෙනුවෙන් ආලෝකේ රැස් විහිදා, ගීතය ඔවුන් ගායනා කළෝය.




ලක් පෙරේරා යන සාමාජිකයා වේල්ස් කුමාර විදුහලේ අධ්‍යාපනය ලබා 1969 දී ප්‍රියා පීරිස් මහතා යටතේ The Beats සංගීත කණ ්ඩායමට එකතු වී පසුව "Super Jets" කණ්ඩායමට එකතු විය. සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ගී ගායනා කළ ඔහු "Diamonds" කණ්ඩායමට එකතු විය. මොරටුව කලා එකමුතුවේ නිර්මාතෘ වීමේ ගෞරවය ලැබෙන්නේද තිලක් පෙරේරා ශිල්පියාටය. එය මොරටුව ග්‍රාමයේ සිටින සියලුම කලා ශිල්පීන්ගේ එකමුතුවකි.
ඩයමන්ඩ්ස්
ඔහු ඩයමන්ස් කණ්ඩායම 1972 වසරේ ගායනා කළ "සමනළයා" ගීතය අනුරාධා මෙන්ඩිස් සමඟ නව පටිගත කිරීමක් කළේය. එම ගීතය සමග "හෙලන හෙලන කඳුලක්" ගීතය ලංකිකා පෙරේරා සමඟ ගායනා කළේය. මුහුදු කරෙන් ආවා, සීත රැයක, සීතලේ නිසල් රැයේ (අනුරාධාමෙන්ඩි ස් සමග) යන ගීත ගායන කළ ඔහු නීරො කණ්ඩායම සමඟ වර්තමානයේ 70 දශකයේ ශෛලියට ගී ගායනා කරමින් අදටත් සංගීත ක්ෂේත්‍රය තුළ රැදී සිටි.