
කොලෙස්ටරෝල් අඩු කර ගන්න මෙන්න හොඳම පිළියම
ආහාරයට ගත හැකි ආහාර වර්ග 8ක්
නිවුඩු හාල් බත
පිටි ආහර - ඉඳිආප්ප, පිට්ටු
රොටී සඳහා හැකි තරම් කුරක්කන් පිටි මිශ්‍ර කළ යුතුය.
සියලුම වර්ගයේ එළවළු, පලා කොළ
සියලුම වර්ගයේ පලතුරු
පියලි ඇට - මුං, කව්පි, සෝයා, පරිප්පු, කඩල
බිත්තර සුදු මදය
අලුත් මාළු හෝ අමුතු තෙලක් මුසු නොකළ ටින් මාළු
මේදය රහිත කිරි
සෞඛ්‍යදායී ආහාරය පිළිබඳ මුලධර්ම
හැකි තරමින් සත්ත්ව ආහාර අඩු කරන්න. (මාළු හැර)
ශාක ආහාර සුලබව ගන්න. (පෙරා ගත් ශාක තෙල් හැර)
කවර ආහාරයක් ගත්ත ද ශරීර බර වැඩි නොවන තරමට එනම් ස්ථුල නොවන හැටියට - පමණක් අනුබව කරන්න.
වැළකිය යුතු ආහාර වර්ග 5ක්
මස් වර්ග (මාළුත්, හම ඉවත් කළ කුකුළු මසුත් පමණක් ආහාරයට සුදුසුය)
කිරි වර්ග (පිටි කිරි ද මීට අයත්ය. මේදය රහිත කිරි වර්ග තෝරා ගැනීම වඩා සුදුසුය)
බිත්තර (කහ මදය විශේෂයෙන්ම කොලෙස්ටරෝලයෙන් සරුය)
මිටි කිරි (පොල් කිරි දියාරු කර ගැනිම මැනැවි)
තෙල්, බටර්, මාගරින් වර්ග
කෙනෙකුට දිනකට ගත යුතු කැලරි ප්‍රමාණය
වැඩිහිටි ක්‍රියාශීලි පිරිමියෙකුට කි.කැලරි 2700
වැඩිහිටි අක්‍රිය පිරිමියෙකුට කි.කැලරි 2200
වැඩිහිටි ක්‍රියාශීලි ස්ත්‍රීයකට කි.කැලරි 2300
වැඩිහිටි අක්‍රිය ස්ත්‍රීයකට කි.කැලරි 2000
මෙහි කැලරි ප්‍රමාණය දක්වා ඇත්තේ ඉතා දළ වශයෙන් බව සැලකිය යුතුය. ඒ ඒ පුද්ගලයාගේ උස බර ආදී සාධක මත කැලරි අවශ්‍යතාව වෙනස් වේ. බර වැඩි නම් හෝ බර අඩු කරගත යුතු නම් හෝ මේ කැලරි ප්‍රමාණය දක්වා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කළ යුතුය.