
ඖෂධ හා ඔබේ දරුවා
-
දරුවා පුංචි වැඩිහියෙකු නොවේ. ඒ බව මතක තබාගන්න. ඔබ ගන්නා ඖෂධ ඉන් අඩ මාත්‍රාවකින් දරුවාට දීමට නොයන්න. දරුවාගේ බරට හා වයසට ගැලපෙන මාත්‍රාව පිළිබඳව වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත.
-
දරුවාට තනිව බෙහෙත් ගැනීමට ඉඩ නොදෙන්න. නියමිත මාත්‍රාව නියමිත වේලාවට දෙන්න.
-
පැණි, සිරප් හා දියර බෙහෙත් දෙනවිට මිනුම් ගැන සැළකිලිමත් වන්න. තේ හැන්දක් මිලි ලීටර් 5ක් ද, මේස හැන්දක් මිලි ලීටර් 15 ක් ද විය යුතුය.
-
හැකි සෑමවිටම ලබාදෙන මිනුම් භාජනය පාවිච්චි කරන්න.
-
ඖෂධ ලොසින්ජර හෝ ටොෆි ලෙස හඳුන්වාදීමෙන් වළකින්න. එවිට දරුවා ඒවා වැඩිපුර ගැනීමට පෙළඹිය හැකිය.
-
සෑම ඖෂධයක්ම දරුවාට ළංවිය නොහැකි උසින් හෝ හොඳින් වසා තබන්න. ඇසුරුම් ලේබලයේ ඇති වයස් සීමා ගැන සැලකිලිමත්වන්න. ලබාදිය යුතු / නොයුතු වයස් සීමා ගැන සැලකිලිමත් වන්න. ලබා නොදිය යුතු වයස් කාණ්ඩවලට දීමෙන් වළකින්න.
-
ඇස්පී‍්‍රන් හා ඇස්පී‍්‍රන් අඩංගු ඖෂධ දරුවාට දීමෙන් වළකින්න.
-
පැරසිටමෝල් පවා නියමිත මාත්‍රාවට වඩා දීමෙන් වළකින්න.
-
විටමින් වර්ග පවා දරුවන්ට දීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්න.
* ප්‍රතිජීවක කරල් කඩා එහි ඇති ඖෂධීය කුඩු තුවාල හෝ කුෂ්ඨ මත ඇතිල්ලීමෙන් වළකින්න. ඖෂධ භාවිතා කිරීමේදි අසාත්මිකතා (ඇලර්ජි) ඇති වන්නේ නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න.
* ඔබ භාවිතා කරන ඖෂධ පිළිබඳව භාවිතයට පෙර ඔසුසලක ඖෂධවේදියකුගෙන් විමසා දැනුවත් වන්න.
* අමතක වූ වේල වෙනුවට ඊළඟ වේලාවේදී මාත්‍රා දෙකක් නොගන්න.
* එකම රෝගයක් සඳහා වුවත් වෙනත් අයෙකුට ගෙනා ඖෂධ නොගන්න.
* හැඩය හා වර්ණය වෙනස් වූ බාහිර ආවරණය දිය වූ ඖෂධ නොගන්න.
* පරණ වට්ටෝරුවට නැවත නැවත බෙහෙත් නොගන්න.
* ඔබේ වෛද්‍යවරයා/ඖෂධවේදියා හමු වීමට හෝ රෝහලට යන හැමවිටකම ඔබ භාවිතා කරන සියළුම ඖෂධ සඳහන් වට්ටෝරු හෝ සියළුම ඖෂධ වර්ග රැගෙන යන්න.
* ඔබේ වෛද්‍යවරයා විසින් ඔබ මේ වනවිටත් භාවිතා නොකරන නව ඖෂධයක් ලබා දෙන විට එම ඖෂධය අනෙකුත් ඖෂධ සමඟ එකම අවස්ථාවේදී භාවිතා කිරීම ආරක්ෂාකාරී දැයි විමසන්න.
* ඔබේ ඖෂධ පිළිබඳව ඔබට ඇති සියළුම ප්‍රශ්න විමසා සැක හැර දැනගන්න.
*ඔබට ලැබුණු සියළුම ඖෂධ ඔබේ වෛද්‍යවරයා විසින් නියම කරන ලද ඖෂධම දැයි සැක හැර දැනගන්න.
* ඖෂධය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳව හා ඒවා අවම කර ගැනීමට ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්/ඖෂධවේදියාගෙන් විමසන්න.
* සෑමවිටම ඔබේ සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳව ඔබට ඇති ගැටලු නිදහසේ සාකච්ඡා කළ හැකි වෛද්‍යවරයකු/ ඖෂධවේදියකු තෝරා ගන්න.
-
ගර්භනී මවක්ද? එසේ නම් පරෙස්සම්වන්න.
-
ඔබ ගැබිණි හෝ කිරිදෙන මවක් නම් හෝ ඒ බව වෛද්‍යවරයාට පවසන්න. ඔබ ගන්නා බොහෝ ඖෂධ දරුවා වෙතද යා හැකිය. ඔබට අගුණ නැති මාත්‍රාවක් දරුවාට විෂවිය හැකිය. බොහෝවිට විකෘති හා හානි ඇතිවීමට එය සමත්ය.
-
වෛද්‍ය උපදෙස්වලින් තොරව කවර හෝ ඖෂධයක් කොතරම් සුළු ප්‍රමාණයක්වත් නොගන්න.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අත් පත්‍රකාවක් ඇසුරෙනි