top of page

 වර්නන් පෙරේරා

     1971 එතෙක් ඔහු තුළින් නොපිපි තිබු අලුත් හැකියාවන් මෝදුවිය. ඒ ඔහු තුළ සැඟවී තිබු ගී රචනාවේ පියුමයි. සිහිල් සුළං, ඔයා මගේ සුරංගනා කතාවේ, පොපියන දෙතොලේ, අම්මා, යන ගීත ඔහු සන්ෂයින් නිර්මාණය කරන ලදී. එම ගීත ශාන් මුගන් මහතාගේ ශාන් ලේබලය යටතේ තැටිගත කෙරිණ. නැවතත් 1974 දී සන්ෂයින් කණ්ඩායම ඔවුන්ගේ දෙවන තැටිය නිකුත් කරන විට අනිල් භාරති ද එහි සාමාජිකයෙකුව සිටියේය. ගීත රචනයේ දක්ෂයෙකු වූ වර්ණන් පෙරේරා ඉරු දින පමණක් නොව, දෑස විදාලා, සරෝජනී, අම්මා, යන ගීත ඔහු වෙනුවෙන් නිර්මාණය කළේය. රංජිත් බොලෙන්නේ තනු නිර්මාණය කරන ලද මෙම ගීත ගී ලොව ජය ගැනීමට සමත් විය. එතෙක් ගී රචනයට සම්බන්ධ වී සිටි වර්ණන් පෙරේරා තමන් ලැබූ සංගීතමය අත්දැකීම සමඟ ඔහුගේ කුළුදුල් ගී තැටිය 1976 තරංගා ලේබලය යටතේ එළි දක්වන ලදී.  වැලිකෙලියේ, රන්තැල්ලක් ගෙල බැන්දේ, ඔබ දැකගන්නට, මගේ සුරංජනී යන මෙම ගීත K.D.K ධර්මවර්ධන, ක්ලැරන්ස් විජේවර්ධන සහ ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන් රචනා කරන ලදී.

     1977 දී නැවතත් ජෙමිටෝන් ලේබලය යටතේ සියුමැලි හදවත, සුදු සඳරැස්, යන ගීත සඳහා රංජිත් බොලෙන්නේ තනු නිර්මාණය කරන ලදී. ඩොනල්ඩ් අයිවන් රචනය කළ මුල් ගීතය වූ සත් සමුදුර යන ගීත එළි දක්වන ලදී. පසුව සොඳුරු චලලෝචණි, ඉන්ද්‍රානි පෙරේරා සමඟ ඔහුගේ පළමු  යුග ගීය එළි දක්වන ලදී. සමුගෙන යන්නෙමි යන මෙම ගීතය තුළ ඉන්ද්‍රානි පෙරේරා සමඟ ඔහුගේ හඬ සැසදෙන ලෙස හැඟුම් බරව ගායනා කිරීමට ඔහුට හැකි විය. නැවත ඔහු ඉන්ද්‍රානි පෙරේරා සමඟ "රැ සඳ පවා" නිලා වික්‍රම සිංහ සමඟ "ආදරේ චේතනා සහ ආදරේ වේදනා", ඇන්ජලින් ගුණතිලක සමඟ "පින් පාටයි සහ මා පෙර සසරේ" ප්‍රියන්ති සෙනරත්න සමඟ සයුර මැදින් සහ නොදොඩා අමනාපයෙන්" මාලනී බුලත්සිංහල සමඟ සිත නපුරු ගතියෙන්, සුජාතා අත්තනායක සමඟ පොඩි මැණිකේ ඇතුළු යුග ගී ගායනාවක් ඔහු ගායනා කරන ලදී.මෙම සැම යුග ගී ගායනාවකදිම ඔහුගේ හඬ සමබර කිරීමේ හැකියාව ඔහු සතු වූ විශේෂ දක්ෂතාවයකි. මා පෙර සසරේ සහ සමුගෙන යන්නෙමි ගීත මිට නිදසුන් වේ. 

 

 නැවතත් 1979- 1980 යුග තුළ කැසට් පට සඳහා ඔහු ගීත ගණනාවක් ගායනා කරන ලදී. අසරණ වී, ඈ නිසසලයි, බාලවියේ, දිගු නිල් වරලස, කොපුල් තලේ, රුසිරිය ඇගේ, මනමාලියේ, ඔබ දැක ගන්නට සහ ඔහු විසින්ම රචනා කළ ඔයා මගේ සුරංගනා කතාවේ ගීතය නැවත ඔහු පටිගත කරන ලදී. ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත 350 ට අධික වේ. මැද මාවතක ගීත රචනා කරන වර්ණන් පෙරේරා ගායනය සහ පදරචනය යන අංශ දෙකම සමබරව පවත්වාගෙන යන සුවිශේෂ පුද්ගලයෙකි. ක්ලැරන්ස් ගයන සිහින කුමාරි, ප්‍රිය සුරියසේන ගායනා කළ හදවත ඉල්ලා, මිල්ටන් මල්ලවආරච්චි, ගායනා කරන රෝස මල් කොපුල් තලේ, ඉන්ද්‍රානි පෙරේරා ගයන "තිලිණයේ ලෙසින්" ඇතුළු මරියසෙල් ගුණතිලක, ක්ලැරන්ස් විජේවර්ධන, අනිල් භාරති, සුජාතා අත්තනායක, නිලා වික්‍රමසිංහ, ඇන්ජලින් ගුණතිලක, චන්ද්‍රනී ගුණවර්ධන, මාලනී බුලත් සිංහ යන බොහෝ ගායක ගායිකාවන් වෙනුවෙන් ගී රචනා කර ඇත. ගායනයේදී තම ගැඹුරු හඬ යම් සමබර සංයමකින් යුතුව ගායනා කරන ගායකයෙකු වූ වර්ණන් පෙරේරා තම අත්දැකීම් සහ ස්ව අධ්‍යයන තුළින් නිර්මාණයන්ට සාධාරණයක් ඉටුකළ තමාගේ ශෛලිය අනන්‍යතාවය එලෙසින්ම රැකගත් ගායකයෙකි.

 

 

 

2014-03-17 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි. 

     1948 මැයි මස දහවන දින උපත ලැබූ වර්නන් පෙරේරා නම් වූ මොහු ගල්කිස්ස ප්‍රදේශයෙන් කලා ලොවට පිවිසියේය. කොළඹ තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය හදාරන කාලයේ සිටම සංගීතයට ඔහුගේ හිත ඇදී ගියේය. ලයනල් රංවල සංගීත වේදියා යටතේ පාසලේදී සංගීතය හැදරුවද ඔහුගේ සිත වඩා නැඹුරු වුයේ බටහිර සරල ගී ශෛලියටය. H.R ජෝතිපාල එකල ඔහුගේ ලොවේ වීරයා විය. එම අවදියේ ගමේ සංවිධානය වෙන සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ සඳහා වර්ණන් පෙරේරා ගීත ගායනයෙන් අනිවාර්යෙන් සහභාගී වන චරිතයක් විය.

 

 

                                                          "සිතුවිලි රැළිලා දියහඬ කැලතෙන 

                                             ගඟ තුළ මතුපිට ඔරුව පැදේ

                                             කඳුලෙන් හා අත් යුගතේ බලයෙන් 

                                             ජීවිතයේ දුක් අඳුර බිඳේ"

 

යන ගීතය ඔහු මෙම වැඩසටහනට ගායනා කරන ලදී. එය ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් විය. 1969 දී මස්කෙළියේ රැකියාවට අවස්ථාවක් උදා වු නමුදු ඔහු තුළ පාසල් කාලයේ සිටම සිතේ මෝදු වෙමින් තිබු සංගීතයට ලැඳි බව අමතක කිරීමට නොහැකි විය. ඔහු එම රැකියාවෙන් ඉවත් වී නැවත ආනන්ද පිරිස් ආයතනයේ ගෘහ නිර්මාණ කරණ ශිල්පියෙකු ලෙස පත් වීමක් ලබා ගත්තේය. 1970දි ඔහුට මුණගැසුණු රේන්ජර්ස් සංගීත කණ්ඩායමේ ලක්ෂ්මන් ප්‍රනාන්දු, අනිල් භාරති, දේවේන්ද්‍ර, ඩැනිස්ටර්, දයානන්ද පෙරේරා යන සාමාජිකයන් සමඟ නැවත සංගීත ලෝකයට පිවිසෙමින් එම කණ්ඩායමේ ගායනයට සම්බන්ද විය. එම අවදියේම ඔහුට මුණගැසුණු ජගත් ප්‍රනාන්දුගේ මාර්ගයෙන්  රංජිත් බොලෙන්නේ සංගීත ශිල්පියා හඳුනාගැනිණ. පසුව ඔහු මුණ ගැසීමට තම මිතුරු ලාල් තේනබදු ශිල්පියා සමඟ රත්නපුරයට ගියේය. එහි ප්‍රතිපලයක් ලෙස මයික් ගුණසේකර, ජගත් ප්‍රනාන්දු, රංජිත් බොලෙන්නේ, ලාල් තේනබදු, බජි ගුණසේකර, සමඟ සන්ෂයින් යන සංගීත කණ්ඩායම ආරම්භ කරන ලදී.

 

     1968 දෙසැම්බර් 26 වන දිනය ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළිය. ප්‍රිය සම්භාෂණයක ගී ගයනු දුටු චිත්‍රා නන්ද අබේසේකරයන් ඔහුට ගුවන් විදුලියේ සරත් විමලවීර  නිෂ්පාදනය කළ නවක මඬල වැඩසටහනට අවස්ථාව උදා කර දෙනලදී. ස්ව නිර්මාණ පමණක් ගායනා කළ යුතුව තිබුණු මෙම වැඩසටහනට නව ගීයක් සුදානම් වී නොතිබුණ හෙයින් ඒ මොහොතේදී ඔහු හඳුනා ගත් තරුණ ප්‍රේමකීර්ති ද අල්විස් නම් ගී පද රචකයා ඔහු වෙනුවෙන් අපුරු ගීතයක් නිර්මාණය කරන ලදී.

තමාට ගීත ලිවීමේ හැකියාව තිබුණද ගුවන් විදුලියේ ප්‍රචාරය කර ගැනීමට ගුවන් විදුලියේ ප්‍රසිද්ධ ගීත රචකයන් ලවා ලියා ගත යුතුය යන අදහස මත එම ගීත ඔවුන් ලවා රචනා කරගන්නා ලදී. මෙම ගිතැටිය හරහා වර්ණන් පෙරේරා යන නාමය සංගීත ක්ෂේත්‍රය තුළ නමක් රඳවන්නට ඔහුට හැකිවිය. රන් තැල්ලක් යන ගීතය ඔහුගේ ගායනය තුළ ඇති හැඟුම් බර බව රසිකයන්ට වඩාත් සමීප විය. 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page