
එන්නත් පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපිමාලාවේ BCG එන්නත පිළිබඳව දිගින් දිගටම අපි ඔබව දැනුවත් කරන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් කතාබහට ලක් කරන දෙමාපියන්ට ගැටලුකාරී වූ මාතෘකා බොහෝමයක් තිබෙන අතර ඒ පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ අරමුණකි.
ක්ෂය රෝග විසබීජයෙන් ඇතිවන TB මෙනින්ජයිටීස් (මොළයේ ආසාදන) එසේත් නැත්නම් එම ක්ෂය රෝග බැක්ටීරියාව රුධිරයට ඇතුළු වී එකතු වී සිරුරේ සෑම අවයවකටම බලපෑම් ඇති කර විය හැකියි.
එය Miliary TB නම් වේ. ඇතැම්විට මෙම BCG එන්නත මඟින් පෙනහලුවල ඇතිවන ක්ෂය රෝගයට ප්‍රතිශක්තියක් ඇති නොකළත් මුළු ශරීරයේම පැතිරිය හැකි ක්ෂය රෝගය හා TB මෙනින්ජයිටීස් වැනි තත්ත්ව මේ එන්නත මඟින් මුළුමනින්ම වළක්වා ගැනීමට හැකියාවක් ලැබී ඇත.
මේ වැළැක්වීම ලංකාව තුළ සියයට සීයක්ම මෙම එන්නත හරහා සිදු වී ඇති බව පැවසීම එතරම් වරදක් නොවේ. ඊට හේතුව දරුවෙක් ඉපදුණු විට මෙම එන්නත ලබාදීම රෝහල තුළ අනිවාර්යයෙන්ම සිදු වන නිසයි.මීට අමතරව දරුවෙක් ඉපදුණු අලුත උණ ඇතිවීම ඉතාම කලාතුරකින් සිදුවිය හැකි දෙයකි. ඒ නිසා මෙම BCG එන්නත ලබාදීම නිසා කිසිසේත්ම උණ ඇතිවිය නොහැකි බව ඔබ මතක තබාගත යුතු වේ. නමුත් දරුවෙකුට උණ ඇතිවිය හැකි අවස්ථා පිළිබඳ විමසා බැලීමේදී මවගෙන් ලැබෙන කිරි ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හා වෙනත් රෝග කාරක විසබීජ ශරීරගතවීම ආදිය හඳුනාගත හැකිය. දරුවාගේ ශරීරය රත් වූ පමණින් දරුවාට උණ වැළඳී ඇතැයි නොසිතිය යුතුයි.
දරුවාගේ ශරීරයේ ඇති සෛල මඟින් එන්නත ඇතුල් කිරීම නිසා ශරීරය තුළ ඇතිවන ප්‍රතික්‍රියාව හේතුවෙන් මෙසේ ශරීරයේ උෂ්ණත්වය තරමක් ඉහළ ගිය ද එය සමාන්‍ය තත්ත්වයක් බව දෙමාපියන් වශයෙන් ඔබ මතක තබාගත යුතු වේ.
මෙසේ පළමු එන්නතින් අනතුරුව BCG එන්නත් ඉදිරි පියවර මාස 2, 4,6 දී දරුවාට නියමිත මාත්‍රාවන්ගෙන් අදාළ වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය සායනයන් වලින් ලබාගත හැකි වේ. මෙසේ දෙමාපියන් නිසිලෙස දැනුවත් වී තම දරුවාට නියමිත අදාළ කාලසීමාවේදී එන්නත් ලබාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වේ.
ඉන් පසුව DPT එන්නත ලබාදෙනු ලබන අතර එය ගලපටලය, කක්කල් කැස්ස සහ පිටගැස්ම සඳහා ලබාදෙනු ලැබේ. අක්මාවට එරෙහි වෛරසයක් නිසා ඇතිවන හෙපටයිටීස් බී සඳහා ද එන්නතක් ලබා දෙනු ලැබේ.
තවද HIB නැමැති එන්නතක් ලබා දෙනු ලබන අතර එමඟින් සිදුවන්නේ උගුරේ අමාරු, කනේ අමාරු, මොළයේ ආසාදන (මෙනින්ජයිටීස්) වැළැක්වීමයි. ඒ වගේම මෙම හිබ් එන්නත ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කිරීමට පෙර ඇතැම් දරුවන්ට මෙම බැක්ටීරියාව මඟින් මොළයේ ආසාදන බිහිරිභාවය ඇතිවිණි.
මීට අමතරව පෝලියෝ මුඛ එන්නත රජයේ සායන මඟින් ලබාදෙනු ලැබේ. කෙසේ වෙතත් මෙම සියලු එන්නත් රජයේ සායන මඟින් නොමිලේ අදාළ වයස් සීමාවන්වලදී පිළිවෙලින් ලබාදෙනු ලැබීය. තවද ඉහත පැහැදිලි කළ එන්නත් ත්‍රිත්වයම එක්වර ලබාදෙනු ලබන බවද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
පෞද්ගලික අංශයේදී මෙම එන්නත් අතරින් පෝලියෝ මුඛ එන්නත පමණක් පෙර සඳහන් කළ මාස 2,4,6 දී අජීවී එන්නත් ලෙසින් ශරිරයට ලබාදෙනු ලැබේ. නමුත් රාජ්‍ය අංශයේ මෙය ලබා දෙන්නේ මුඛ මාර්ගයෙනි.
මේවාට අමතරව නැවත මාස 9දී දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනු ලැබේ. අතීතයේදී මාස 9දී දරුවාට ලබා දෙන ලද්දේ සරම්ප එන්නතයි.
ඒ වෙනුවට පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වනවිට ජීවී මොළයේ උණ එන්නත එක් මාත්‍රාවක් වශයෙන් රජයේ රෝහල් හා සෞඛ්‍ය සායන මඟින් ලබා දේ. එසේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට හේතුව එම එන්නත ජීවී එන්නතක් නිසාවෙනි.
පුද්ගලික අංශයෙන් මෙම මොළයේ උණ එන්නත ලබාදෙන්නේ එන්නත් මාත්‍රා තුනක් වශයෙනි. ඒ වගේම දරුවාගේ වයස අවුරුදු 1 සම්පූර්ණ විය යුතු වේ. ඊට හේතුව මෙසේ පුද්ගලික අංශය මඟින් ලබාදෙන එන්නත අජීවී එන්නතක් නිසාවෙනි.
එහි පළමු එන්නත ලබාදීමෙන් සති 2කට අනතුරුව දෙවැනි එන්නත ද පසුව එම එන්නත ද අවුරුද්දකට පසුව තුන්වන එන්නතක් ලබා දේ. කෙසේ වෙතත් මෙම එන්නත ලබාදීම කොටස් තුනකට සිදු කළ යුතු වන්නේ මෙම අජීවී එන්නත් මඟින් ලබාදෙන ප්‍රතිශක්තිය දීර්ඝකාලීන නොවීමයි.
නමුත් රාජ්‍ය අංශයේ රෝහල් මඟින් එක් ජීවී එන්නතක් හරහා දරුවාට මාස 9දී අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දීමට බොහෝ දෙමාපියන් උනන්දු වේ. ඊට හේතුව එම එන්නත කොටස් තුනක අජීවී එන්නත් ලෙස ලබා ගැනීම දරුවාව අපහසුතාව පත් කරන නිසාවෙනි. .
නමුත් මාස 9දී දරුවාට ලබාදිය යුතු එන්නත ලබා දීමට නොහැකි වුවත් පෞද්ගලික අංශයෙන් හෝ එය ලබා ගැනීමට ප්‍රමාද නොවිය යුතු වේ. මක්නිසාදයත් ඔබ එම එන්නත් ලබාදීමට ප්‍රමාද කිරීමෙන් ඔබගේ දරුවාගේ ජීවිතයේ සුරක්ෂිතාව පිළිබඳ ගැටලුවක් ඔබට ඇතිවිය හැකි නිසයි.
ඉන් අනතුරුව දරුවාට ලබා දෙන්නේ MMR නැමැති ජීවී එන්නතයි. එය ලබා දෙන්නේ වයස අවුරුද්දක් සම්පූර්ණ වූ විටයි. මෙය වර්තමානයේදී මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් මාලාවට අලුතින් ඇතුළත් කළ එන්නතකි. මෙය සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝග සඳහා දෙන එන්නතකි. එහි දෙවන මාත්‍රාව වයස අවුරුදු 3දී ලබා දිය යුතු වේ. එමඟින් දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් හිමි වේ
- නුවන්ති කුලරත්න