
හිස පීරා ගෙන මුළුතැන්ගෙයට ගොස් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. තේ සෑදීමට පෙර බඳුන් හොඳින් සෝදන්න, කේතලය හොඳින් සෝදන්න. ආහාර පිසීමට ගත් සියලු බඳුන් සෝදා පිරිසුදු කරගත් ඒවා විය යුතුයි.
එමෙන්ම ආහාර පිසීමට පෙර ඔබ දෑත් සබන් යොදා හොඳින් සෝදා ගත යුතුයි.
එමෙන්ම මුළුතැන්ගෙය ආහාර පිස අවසානයේ දී හොඳින් අතුගා දැමීමට මතක තබා ගන්න.
වැසිකිළියට යන විට පාවහන් පළදින්න. එහි ගොස් පැමිණි විට දෑත් සබන් යොදා හොඳින් සෝදා ගත යුතුයි. $ආහාර පිසින අතරතුර, කෑම ගැනීමෙන් පසුව දෑත් ඇඳ සිටින ඇඳුමේ පිස දමයි. ඒ නිසා ඒ සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
දරුවාගේ සොටු දියර ඇඳුම්වලින් පිස දමන්න එපා. ඒ සඳහා කුඩා ලේන්සුවක් හෝ පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
සමහර වැඩිහිටියෝ රාතී‍්‍ර කාලයේ දී මුත‍්‍රා කිරීම සඳහා ගෙමිදුල භාවිතා කරති. වැසිකිළිය භාවිතා නොකර ගෙමිදුලේ තැන තැන මුත‍්‍රා කරන්නේ ඇයි ? මෙය ඉතාමත් නරක පුරුද්දකි. මෙමගින් විෂබීජ ද පරිසරයට මුදා හරී.
ආහාර ගැනීමෙන් පසු හොඳින් මුඛය සෝදා පිරිසුදු කරගත යුතුයි. එමෙන්ම රාතී‍්‍ර ආහාර ගැනීමෙන් පසු හොඳින් දත් මැද මුහුණ සෝදා සැහැල්ලු ඇඳුමක් ඇඳ නින්දට යා යුතු වේ.
පාසල් යන දරුවන්ගේ පවිත‍්‍රතාවය කෙරෙහි ද මාපිය වැඩිහිටියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.
දරුවාගේ මුහුණ සෝදන විට මුහුණ කන්, බෙල්ල, කිහිල්ල දක්වාම දෑත් ද දෙපා ද හොඳින් අතුල්ලා සෝදා ගැනීමට පුරුදු කළ යුතුයි.
එමෙන්ම ලිංගික අවයව ආශි‍්‍රත පෙදෙස් ද හොඳින් සෝදා ගැනීමට දරුවා හුරු කරවන්න.
සමහර දරුවන් කට ඇරගෙන කහී. ඈනුම් අරී.ඒ නිසා මුඛයට අත හෝ ලේන්සුවක් තබා එම කටයුත්ත කරන ආකාරය දරුවාට පහදා දෙන්න. එසෙ පුරුදු නොවුණ විට අසල සිටින අය අපහසුතාවයට පත් වේ.
කෙළ ගසන විටදී ද අන් අයට නො පෑගෙන තැනකට කෙළ ගැසීමට හුරු කරවන්න. සමහර දරුවන් මෙන්ම වැඩිහිටියෝ ද මිනිසුන් යන එන පාරේ කෙළ ගසති. මෙය මොනතරම් අප‍්‍රසන්න දෙයක් ද ? මේ නිසාම හොඳ සෞඛ්‍ය පුරුදු කුඩා කල සිටම දරුවාට පුරුදු පුහුණු කිරීම ඔහු නිරෝගී සෞඛ්‍යය සම්පන්න පුද්ගලයකු කිරීමට පළමු මෙන්ම මූලික අඩිතාලම ද වේ.