top of page

ප්‍රථම එන්නත BCG

ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කර බැලීමේදී අප රටේ දෙමාපියන්ගේ දැනුවත්භාවය නිසා දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට වඩාත් උනන්දු වෙයි. ඒ නිසා අපේ රට තුළ 99% කට වඩාවැඩි ආවරණයක් මේ සම්බන්ධව දැකගත හැකි වේ. නමුත් ඒ අතරින් ද ඉතා සුළු පිරිසකගේ නොදැනුවත්භාවයටත් වඩා නොසැලකිලිමත්භාවය නිසා දරුවන්ට එන්නත ලබා දීම ප්‍රමාද කරනු ලැබේ.මේ නිසා ඇතැම් විට බෝවන රෝගවලට දරුවන් ගොදුරු බවට පත් වන්නේ නිතැනින්මය.

 

එන්නත් ලබා දිය හැකි විවිධ ක්‍රම මොනවාද?

එන්නත් ලබා දෙන ආකාරයට අනුව එය ප්‍රධාන කොටස් කීපයකට වර්ග කළ හැකිය. එම ක්‍රම වන්නේ අන්තර්පේශීයව (Intramuscular) අදෂ්චර්මීය (Subcutaneous) අන්තර්චර්මීය (Intradermal), මුඛ මාර්ගයෙන් (Oral), ස්වසන පද්ධතිය මාර්ගයන් (Intranasal) ආදියයි.

 

විවිධ වර්ගයේ එන්නත් අදාළ ක්‍රමවේදයට අනුව වෛද්‍ය උපදෙස් මත ලබාදිය යුතු වේ. එසේ නොමැතිව විවිධ අයට විවිධ ආකාරයෙන් එන්නත් ලබා දීමෙන් ඔවුන්ට අතුරු ආබාධ රැසකට මුහුණ දීමට සිදු වියහැකියි.

 

අන්තර්චර්මීයව ලබා දෙන එන්නත් සඳහා උදාහරණ වන්නේ BCG සහ ජලභීතිකා එන්නතයි. මෙම එන්නත් වලදී අඩු මාත්‍රාවක් මඟින් වැඩි ප්‍රතිශක්තියක් ලබා ගත හැකි වේ. අදෂ්චර්මීයව එන්නත ලබාදෙන අවස්ථාවන් වන්නේ MMR එන්නත, ජපන් එන්සෙෆලයිටීස් (මොළයේ උණ) එන්නත, පැපොල එන්නතයි.

 

BCG එන්නත යනු කුමක්ද?

1978 පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට පෙරත් අප රට තුළ එන්නත් ලබාදීමක් සිදු කරන ලදී. නමුත්එය එතරම් සාර්ථක නොවූ අතර ලංකාව තුළ පළමු වරට එන්නතක් ලෙසින් භාවිතා කරන ලද්දේ වසූරියසඳහා ලබාදුන් එන්නතකි. 1886 දී එම එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට නීතියක් දපනවා තිබුණි.

 

කෙසේ වෙතත් ඕඛ්ට් එන්නත ක්ෂය රෝගයට එරෙහිව ලබාදෙන එන්නතක් ලෙසින් හඳුන්වා දියහැකිය. මෙම එන්නත දරුවෙක් ඉපදී රෝහලෙන් නික්ම යාමට පෙර අනිවාර්යයෙන් ලබා දිය යුතු වේ. එය ජීවී එන්නතක් වන අතර එය ලබා දෙනු ලබන්නේ අන්තර්චර්මීයවයි.

 

BCG එන්නත පිළිබඳ දෙමාපියන්ට නිතර ඇති වන ගැටලු මොනවාද?

මෙම BCG එන්නත ලබාදීමෙන් පසුව දෙමාපියන්ගේ ගැටලු රාශියක් වෛද්‍යවරුන් වෙත යොමු වේ.එන්නත ලබා දුන් පසු උණ ඇතිවීම හා ප්‍රවේසම් විය යුතු වෙනත් දේවල් තිබේද යන්න ඒ ගැටලු අතර ප්‍රධාන වේ.

 

ඇත්තෙන්ම BCG එන්නතේ දී කිසිදු ආකාරයකට ප්‍රවේසම් වීමක් අවශ්‍ය නොවේ. මෙහි ප්‍රතිශක්තිය ඇති වන්නේ අනෙකුත් එන්නත් මඟින් ප්‍රතිශක්තිය ඇතිවන ආකාරයට නොවේ. එම එන්නත ලබාදීම නිසා දරුවාගේ ශරීර උෂ්ණත්වය කිසිලෙසකින් ඉහළ නොයන අතර එන්නත ලබාදුන් අවස්ථාවේම දරුවා නෑවීම පවා සිදු කළ හැකිය.

 

මේ කරුණු කාරණා කෙසේ වුවත් මෙම ඕඛ්ට් එන්නත ලබාදීමේදී අනිවාර්යයෙන් සිදු කළ යුතු කරුණක් පවතී. ඒ කරුණවන්නේ එම එන්නත ලබාදිය යුතු ස්ථානයයි. ඕනෑම දරුවෙකුට ඕඛ්ට් එන්නත ලබාදෙනවා නම් එය අනිවාර්යයෙන්ම වම් අතේ උඩ බාහුවට ලබාදිය යුතු වේ. ලෝකයේ කුමන ස්ථානයක කෙසේ ඉපදුණු දරුවෙක් වේවා එම ඕඛ්ට් එන්නත ලබාදෙනවා නම් එය අනිවාර්යයෙන්ම වම් අතේ උඩ බාහුවට ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

 

මෙම එන්නත ලබාදුන් විට එම ස්ථානයේ කැලලක් ඇතිවීම ස්වභාවිකය. නමුත් උපදින දරුවා ගැහැනු දරුවෙක් නම් මව්වරු මෙම කැලල ඇතිවීම පිළිබඳ කරදරයට පත් වේ. ඒ නිසා ඇතැම් දෙමව්පියෝ එමඑන්නත දරුවාගේ කලව ප්‍රදේශයට ලබාදෙන ලෙස ඉල්ලා සිටිති. නමුත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දරුවාගේ ශරීරයේ ඇතිවන කැලල නොවන බවත් රෝගයෙන් ආරක්ෂාවීමට දරුවාගේ ශරීරයේ ප්‍රතිශක්තියක් ඇතිවීම බවත් දෙමාපින් අවබෝධ කර ගත යුතු වේ. නමුත් මේ වනවිටත් දෙමාපියන්ගේ ඉල්ලීම මත හෝ වෙනත් කුමන හෝ හේතුවක් මත ඇතැම්විට පෞද්ගලික අංශයේදී මෙම ඕඛ්ට් එන්නත දරුවන්ගේ කලවට ලබාදෙන අවස්ථා ඕනෑ තරම් දැකගත හැකි වේ. ඒ නිසා දෙමාපියන් මේ පිළිබඳ හොඳින් දැනුවත් වී එම එන්නත කලවට ලබා දෙන ලෙසට ඉල්ලීම් නොකළ යුතු වේ. නමුත් ඔබ එසේ වැරදි ආකාරයේ ඉල්ලීමක් සිදු කළහොත් ඔබගේ දරුවාට ඇති කරන්නේ විශාල හානියකි.

 

ඊට හේතුව එන්නත ලබා දීමට නියමිත ස්ථානය වන වම් අතේ උඩ බාහුවට එන්නත නොදීමෙන් දරුවාට අදාළ රෝගයට අවශ්‍ය ප්‍රතිශක්තිය නොලැබී යා හැකි වීමයි. ඒ නිසා නියමිත වයස් සීමාව අනුව එන්නත ලබාදිය යුතු ස්ථාන වලට එන්නත ලබාදීමෙන් ඔබට වඩාත් ආරක්ෂාකාරී ජීවිතයක් ඔබේ දරුවාට ලබාදියහැකි වේ.

 

- නුවන්ති කුලරත්න

උපුටනය: ආරෝග්‍යා

ඔබේ දරුවාට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් මාලාව

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page