
මල්කි කුඩා දැරියක් ඉතාම කඩිසරකමින් දුව පැන ඇවිදින ඈට පොඩි පොඩි තුවාල සිදු වුණත් ඒවා ගැන ගණනාවක් ඇත්තේ නැහැ. කුඩා කාලෙදි ඇයට ඇති වූණු විවිධ අපහසුතා, විශේෂයෙන් ශ්‍රවණයේදී ඇතිවුණු ගැටලු පිළිබඳව කාටවත් කියන්න කිසිවිටෙක ඇය උනන්දු වුණේ නැහැ. එයාගේ අම්මයි, තාත්තයි හැමදාම කාර්යාලයට යන නිසා ගෙදර වැඩට ඉන්න සුමනාවතීටවත් ඒ ගැන කියන්න එයාට කල්පනා වුණේ නැහැ.
පුංචිකමට ඇයට ඇති වුණු අපහසුතා ගැන එතරම් ගණක් වුණේ නැති නිසා නොදැනුවත්ම ඇගේ කාලය ගත වෙලා ගියා. සුළු වශයෙන් ඇතිවුණු මේ ගැටලුවට පිළියම් යෙදන්නටවත් ඇයට තේරුම් නොමැති වුණා පමණක් නොවේ ඇගේ මාපියන්ට ද ඒ ගැන හරිහැටි අවබෝධයක් තිබුණේ නැහැ.
කාලයක් ගතවන විට ඇගේ වයස ටිකින් ටික මුහුකුරා ගියත් ඇයට ඇතිවුණු දුර්වලතාව ද ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගත්තා. දවසින් දවස වයසින් මුහුකුරා යන තම දියණියගේ හැඩ රුව පිළිබඳව බොහෝ උනන්දුවෙන් කතාබහ කළත් ඒ ලස්සන තුළ සැඟවී තිබූ ඇගේ ආබාධය පිළිබඳව කිසිවෙක් දැන සිටියේ නැහැ. නමුත් ඇය ප්‍රතිකාර සඳහා යොමුවන විටත් ඉතා ප්‍රමාද වී සිටියා.
ස්වභාව ධර්මයා විසින් අපට සැමදෙයක්ම ලබාදී තිබෙන්නේ ජීවිතය කරදරයකින් තොරව පවත්වාගෙන යාමටයි. ඒ නිසාම ඊට අනුචිත වන ආකාරයට උපතින් අපට ලැබුණු බොහෝ දේ අපත් සමඟ දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට සිදුවේ. නමුත් ඒවායේ යම් අසාමාන්‍යතාවක් ඇති වූවොත් ඒ නිසා මුහුණ දීමට සිදුවන්න් දැඩි අපහසු තත්ත්වයන්ටයි.
ඒ වගේම එසේ ඇතිවන යම් ගැටලුවකට විසඳුම් සෙවීමට තව තවත් කාලය ගතවන තුරු නොසිට හැකි ඉක්මනින් ප්‍රතිකාර යෙදීම ද ඉතා වැදගත්. ඕනෑම ගැටලුවක් ඇති වීමට පෙර ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර එය හඳුනාගත් මොහොතේම ආරම්භ කළ යුතු වේ.
එසේ නොවුණහොත් ගැටලුව වඩාත් සංකීර්ණ වුණු විට ප්‍රතිකාර යෙදීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්විය හැකියි. විශේෂයෙන්ම කුඩා දරුවන් පිළිබඳ කතාබහ කිරීමේදී ඔවුන්ට පවතින ශ්‍රවණ ගැටලු පිළිබඳ ප්‍රතිකාර යෙදීමට හැකි ඉක්මනින් සිදු කළ යුතු බවත් ඒවා හැකි ඉක්මනින් හඳුනා ගැනීමත් කළ යුතු වේ. ඒ අනුව ඔබගේ දරුවාට යම් ශ්‍රවණ ආබාධයක් පවතිනවා නම් හැකි ඉක්මනින් ඊට පිළියම් යෙදීම වැදගත් වේ.
ඊට හේතුව ශ්‍රවණයට අදාළ ඉන්ද්‍රියයන් කාලයක් ගත වනවිට ඊට අනුගත වීමයි. විශේෂයෙන් ශ්‍රවණ ස්නායුව දුර්වලතා සඳහා අනුගත වීමයි.
මේ කරුණු කාරණා කෙසේ වුවත් නවතම ජර්මන් තාක්ෂණය හරහා නිපදවා ඇති ශ්‍රවණ උපකරණ මෙවැනි ගැටලු සඳහා සූක්ෂම ලෙස පිළියම් යෙදීමට සමත් වී ඇත. මේ වනවිට නිපදවා ඇති බුද්ධිමත් බවින් ඉහළ ශ්‍රවණ ආධාරක තමාගේ අවශ්‍යතාව අනුව වෙනස් කර ගැනීමට හැකියාව ලැබේ.
ඒ අනුව තමාට අවශ්‍ය කරන ශබ්ද තීව්‍රර කර ඇසීමට සලස්වන අතර අනවශ්‍ය ශබ්ද නොඇසීමට සැලසුම් සකස් කළ හැකි වේ. මෙමඟින් ඔබට කිසිදු අපහසුතාවකින් තොරව එදිනෙදා ජීවිතයට ගැටලුවක් නොවන ආකාරයට ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේ.
පසුගිය සතියේ පැහැදිලි කළ දිශාව අනුව ශබ්දය ඇසීමට සකසා ගත හැකි ශ්‍රවණ ආධාරක මෙන්ම ඉහත පහසුකම් සහිත ශ්‍රවණ උපකරණ හරහා ඇති කරන පහසුව සැබැවින්ම පුදුමය දනවන සුලුය. ශ්‍රවණ උපකරණ දියුණු තාක්ෂණික ක්‍රම නිසා සැමවිටම තමාගේ අවශ්‍යතාවයටම අනුව සකසා ගත හැකි වේ.
- නුවන්ති කුලරත්න
උපුටා ගැනීම : දිනමිණ ආරෝග්‍යා අතිරේකය