
ළදරුවන්ගේ හෝ ළමයින්ගේ පෝෂණය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වූවත් නව යෞවන වියේ පසුවන දරුවන්ගේ පෝෂණය පිළිබඳ වැඩි දෙනාගේ අවධානය යොමු වන්නේ නැත.කුඩා කාලයේදී දරුවාට ආහාර කවා පොවා පෝෂණය කළ යුතු බවත් වැඩි වයසට පත්වන විට දරුවා තමා විසින්ම අවශ්‍ය පරිදි ආහාර ලබාගන්නා බැවින් ඒ පිළිබඳව සොයා බලන්නට දෙයක් නැතැයි මවුවරු සිතති.
එහෙත් ශරීරයේ මෙන්ම මොළයේ ද ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන නව යෞවන වියේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. වයස අවුරුදු 10 - 19 අතර වයස් කාණ්ඩයට අයත් වන්නෝ නව යෞවනයෝ වෙති. ඒ වයසේ දරු දැරියන්ගේ ශාරීරික වර්ධනය හා ලිංගික පරිනතිය වේගයෙන් සිදුවේ. දරුවාගේ අස්ථි වර්ධනයෙන් 45kg ක්ද වැඩිහිටි උසෙන් 15 - 25kg සහ වැඩිහිටි බරෙන් 25 - 50kg දක්වා ද වර්ධනය වන්නේ මේ වයස් කාණ්ඩයේදීය. ශරීර හා මොළයේ වර්ධනයට පෝෂණය මෙන්ම ශාරීරික කි‍්‍රයාකාරකම් හා කී‍්‍රඩා ද අත්‍යවශ්‍ය කාලයකි නව යෞවන විය.
නව යෞවන වියේ දරුවන්ගේ වර්ධනය නිගමනය කළ හැක්කේ ඔවුන් වයසට නිසි උස, උසට නිසි බර හා වයසට අනුකූල ශරීර ස්කන්ධ දර්ශකය ඇත්නම් පමණි. ශරීර ස්කන්ධ දර්ශකය යනු පුද්ගලයාගේ බර කිලෝග‍්‍රෑම් සංඛ්‍යාව උස මීටර් සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව වේ. නව යොවුන් වියේ පෝෂණ අවශ්‍යතා අතුරෙන් වැඩිම අවශ්‍යතාව වන්නේ ශක්තිය හා පේරටීන සඳහාය. මෙය එක් එක් දරුවාගේ වර්ධන වේගය අනුව වෙනස් වේ. ක්‍ෂුද්‍ර පෝෂක හා ඛණිජ ලවණ අවශ්‍යතා ද වැඩි වේ. යකඩ, කැල්සියම්, අයඩින්, සින්ක්, විටමින් ඒ, බී, සී, ඩී , ඊ සහ ෆෝලික් අම්ල වැඩිපුර ලබාදිය යුතුය. නව යොවුන් වියේ දරුවන් සඳහා නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතාව මත වේලකට ලබාදිය යුතු ආහාර ප‍්‍රමාණය දැන සිටීම වැදගත්ය.
සහල්, පාන්, අනෙකුත් ධාන්‍ය සහ අල බතල බත් කෝප්ප 1/2
පාන් පෙති 1 පාන් ගෙඩියක් පෙති 9 කට කැපූ විට
පලතුරුථ මධ්‍යම ප‍්‍රමාණයේ කෙසෙල් හෝ දොඩම් 1
පලතුරු යුෂ කෝප්ප තුන්කාලයි
එළවළුල පිසින ලද ගෙඩි එළවළු මේස හැඳි 3
පිසින ලද කොළ සහිත එළවළු කෝප්ප 1
කිරි හෝ කිරි ආහාර
කිරි මිලි ලීටර 100, යෝගට් කෝප්ප 1
කිරි පිටි තේ හැඳි 2, මුදවාපු කිරි කෝප්ප 1
මාළු, ඇට සහ පියලි වර්ග, මස් හා බිත්තර
පිසින ලද මාළු, කුකුල් මස් හෝ මේද රහිත මස් වර්ග ග‍්‍රෑම් 25 - 50
පිසින ලද පරිප්පු පුරවාගත් තේ හැඳි 3
බිත්තර 1
මෙම ආහාර ප‍්‍රමාණ හැකිතාක් නියමිත ප‍්‍රමාණවලින්ම ලබාදීමට උත්සාහ කිරීමෙන් අධිපෝෂණය මෙන්ම මන්දපෝෂණය ද වළක්වා ගත හැකිය. ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නියමාකාරයෙන් ලබා නොගත් විට අහිතකර ප‍්‍රතිඵල අත්වේ. කායික වර්ධනය අඩාල වීම, රක්තහීනතාව, බුද්ධිමය හැකියා දුර්වල වීම, මතක තබා ගැනීම, ඉගෙන ගැනීම සහ පාසලේ සාධන මට්ටම පහළ වැටීම සිදු වේ. ලිංගිකව පරිනත වීම ප‍්‍රමාද වේ. ආහාර ගැනීමේ ආබාධ මෙන්ම ස්ථුලතාව ඇතිවේ. මෙම දුර්විපාක දිගුකාලීන වශයෙන් ද ඇති වීමෙන් කැල්සියම් ඌණතාවෙන් ශරීරයේ අස්ථි-ඝනත්වය අඩු වීම හා ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු වීම, අධි බර හා මේද අධික ආහාර ගැනීමෙන් දියවැඩියාව හා හෘද රෝග ඇතිවීම, නව යොවුන් දරුවන්ගේ කායික වර්ධනය අඩාල වීමෙන් ගර්භනී සමයේදී අනතුරු සාධක වැඩි වීමට ද ඉඩ තිබේ. ලංකාවේ නව යොවුන් දරුවන් අතර දැකිය හැකි ප‍්‍රධාන පෝෂණ ගැටළු කිහිපයකි. කෘෂ බව, මිටි බව, රක්තහීනතාව, අධි බර හෙවත් ස්ථුලතාව ඒ අතරින් ප‍්‍රධාන වේ. මේ රෝග තත්ත්ව අතර අධි බර සහ ස්ථුලතාව යොවුන් වියේ දරුවන් මුහුණපාන පීඩාකාරී තත්ත්වයක් බවට පත්ව ඇත. බර අධික දරුවන් සෙසු දරුවන් අතර කොන්වීම, වැඩිහිටි වියේදී දියවැඩියාව හා හෘද රෝග වලට පහසුවෙන් ගොදුරු වීම වැනි අහිතකර බලපෑම් ඇතිවේ. නගරබද පාසල් දරුවන් අතර ස්ථුලතාව වර්ධනය වෙමින් පවතින බව හඳුනාගෙන තිබේ. නව යොවුන් වියේදී පෝෂණය යහපත් වීමෙන් අරමුණු කිහිපයක් ඉටුවේ. කායික හා මානසික වර්ධනයට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා සැපැයීම. ගර්භනී සමයේදී හා රෝගී අවස්ථාවලදී අවශ්‍ය වන පෝෂණ කොටස් ගබඩා කිරීම, වැඩිහිටි වියේදී ඇතිවන හෘද රෝගල දියවැඩියාව, ඔස්ටියෝපොරෝසිස් පිළිකා වැනි රෝග වැළැක්වීම. සෞඛ්‍යයට හිතකර ආහාර පුරුදු ඇති කිරීම ඒ අතර වේ.
යොවුන් පෝෂණය සම්බන්ධ දැනුම දරුවන් දෙමාපියන් මෙන්ම ගුරුවරුන් තුළ ද වර්ධනය කිරීම වැදගත්ය. ඒ සඳහා උදේ ආහාරයේ වැදගත්කම වටහා දිය යුතුය. ප‍්‍රධාන ආහාර වේල් තුනට අමතරව ආහාර වේල් දෙකක් ලබාදිය යුතුය. යෞවන වියේදී වැඩි වූ පෝෂණ අවශ්‍යතා සපුරාලිය හැකි වන පරිදි ආහාර ලබාදිය යුතුය.
සෞඛ්‍යයට අහිතකර තෙල්, සීනි සහ පිෂ්ඨය අධික ආහාර හා ආහාර පුරුදු වලින් වැළැකී සිටීමට දැනුවත් කළ යුතුය. නිරෝගී ශාරීරික බරක් පවත්වා ගැනීම සඳහා ආහාර ගැනීම සමතුලනය කිරීම හා ශාරීරික කි‍්‍රයාකාරකම්වල වැදගත්කම වටහා දිය යුතුය. සෞඛ්‍යමත් ආහාර පුරුදු වර්ධනය කිරීමට අවශ්‍ය පරිසරයක් පාසල් තුළ ඇති කිරීම වැදගත්ය. ඒ සඳහා පාසල් වල සෞඛ්‍යමත් ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුතුය. පාසල් ආපන ශාලාවේ පෝෂ්‍ය ආහාර අලෙවි කිරීම, ක්ෂණික ආහාර සහ පැණි බීම, සෝඩා අලෙවිය අවම කිරීම වැනි පියවර ගත යුතුය. යොවුන් වියේ පෝෂණය නංවාලීම සඳහා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙන් ද විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුය. ඒ සඳහා පෝෂණය සම්බන්ධ දැනුම හා අවබෝධය මවුපියන් හා ගුරුවරුන් තුළ වර්ධනය කිරීම, සෞඛ්‍යමත් ආහාර පුරුදු වර්ධනය කිරීමට අවශ්‍ය පරිසරයක් බිහිකිරීමල යොවුන් දරුවන්ගේ පෝෂණ තත්ත්වය හා වර්ධනය නියාමනය හා ඊට අදාළ පියවර ගැනීම, යකඩ ඌණතා, රක්තහීනතාව වැළැක්වීමට යකඩ, ෆෝලික් අම්ලය ලබාදීම වැනි පියවර ඒ සඳහා අනුගමනය කළ හැකිය.
වෛද්‍ය අයේෂා ලොකු බාලසූරිය මහත්මියගේ දේශනයක් ඇසුරිනි.