
බ්‍රිතානය පාලන සමයේදී සුදු ජාතිකයන්ගේ ප්‍රධානතම පරිපාලන කේන්ද්‍රස්ථානයක් තමයි හම්බන්තොට. හම්බන්තොට හිටි ඇතැම් සුදු නිලධාරීන් යාල වනයට එදා ගිය කෙටිම මාර්ගය වැටිලා තිබුණෙ බුන්දල ගම්මානය හරහා. මහ ලේවාය, බුන්දල පහුකරමින් කිරිඳිඔයෙන් එගොඩව කිරින්දට ගිය ඔවුන් එතැනින් යාලට ගියේ බොහෝ විට අසුන් පිට නැගී. නැතිනම් කරත්තවල නැගී. බුන්දල ගම්මානයට යන්න පෙර බුන්දල කලපුව හමුවෙනවා. මේ කලපුව කුරුල්ලන්ගේ නවාතැනක් ලෙස ප්‍රකටයි. ඒ වගේම මෙය දැන් අයත්වන්නේ බුන්දල උද්‍යානයටයි. බුන්දල ජාතික වනෝද්‍යානය හෙක්ටයාර 6200 ක භූමි වපසරියකින් සමන්විත වෙනවා.
බුන්දල කලපුව දෙකඩ කරමින් තමයි බුන්දල ලුණු ලේවාය නිර්මාණය කරල තියෙන්නේ. ඉස්සර කලපුවට තිබ්බ මෝය කට දැන් ලේවායට අයත් වෙනවා. බුන්දල කලපුවට කපාපු කෘත්‍රිම මෝය කටකින් තමයි දැන් මුහුදු වතුර එන්නෙ.
බුන්දල වූ කලී ජලජ පක්ෂීන්ට පාරාදීසියකි. දළ සංඛ්‍යා ලේඛනයන්ට අනුගතව ජලජ පක්ෂීන් වර්ග 18 ක් පමණ මෙම ප්‍රදේශයේදී දැක ගත හැක.සංචාරක කුරුල්ලන්ට කදිම නවාතැනක් වන බුන්දල බොහෝ සංචාරක කුරුලු රෑන් අතර සුප්‍රසිද්ධ ස්ථානයකි. සිසිර කාලය උදාවන විට ජලජ පක්ෂීන් රෑන් පිටින් නිල් අහස් කුස් තරණය කරමින් බොහෝ මඟක් ගෙවා විත් බුන්දල නැංගුරම් ලති.
අතිශය මනස්කාන්ත මොනරු විශේෂයක් ද අපට බුන්දලදී දැක ගත හැකි වනු ඇත. පල්ලේ මල්ලාල නැමැති ප්‍රදේශය තුලට ඔබට ඔබේ වාහනය රැගෙනම ඇතුල් විය හැක. ප්‍රධාන මාර්ගයේ සිට මිනිත්තු පහළොවක දුරින් පිහිටා ඇති මෙකී ප්‍රදේශය තුළදී සිසිර කාලයේ පැමිණෙන පක්ෂීන් අතිවිශාල ප්‍රමාණයක් ඔබට දැක ගත හැකිවනු ඇත. විශේෂයෙන්ම මහා වර්ෂාවකින් අවසන මෙකී පක්ෂීන්ව ඔබට දැක බලා ගැනීමට හැකි වනු ඇත. නමුත් මෙකී පක්ෂීන් බලන්නටදෝ අලි ඇතුන්ද මෙකී ප්‍රදේශයට ඉඳහිට කඩා වැදීම සිරිතකි. ඔබ මෙහි යාමට බලාපොරොත්තුවක් ඇත්නම් මෙකී අලි ඇතුන්ගෙන් මඳක් ප්‍රවේසම්වීම අතිශය වැදගත් කාරණාවකි.ජලජ පක්ෂීන් ඔබට දැකගත හැකි තවත් ප්‍රදේශයකි උඩ මලල ප්‍රධාන මාර්ගයේ සිට පැය භාගයක දුරින් පිහිටා ඇති මෙකී ප්‍රදේශයේ අති විශාල ප්‍රමාණයක් සංක්‍රමණික පක්ෂීන් නැංගුරම් ලාගෙන සිටිති.අතිශය වර්ණවත් රණ හංසයන් වසන්තය අහවර වීමත් සමඟම මෘදු රස්තියාදුවක් ද ගසා තම නිවහන් බලා පිටත්වීමට සුදානම් වෙති. උඩ මලල ප්‍රදේශය තුළ හස්ති රාජයන් සහ ගව කුලයේ කෙරුම්කාරයන්ද නිරන්තරයෙන් සැරිසැරීම සුලබය.බුන්දල වන උද්යානය වූ කලී දැනට ලංකාව තුළ දක්නට ඇති අතිශය වටිනා සතුන් බොහෝ ප්‍රමාණයක් ජිවත් වන ප්‍රදේශයකි.
බන්දුල ජාතික වනෝද්‍යානය



