top of page

ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන සියලු දේ ගැටළු ලෙසින් නොව සැබෑම අභියෝග ලෙසින් භාරගැනීම උචිතය. ඒ වගේම යම් දෙයක් ඔබට ගැටළුවක් වුවත් පිළිතුරක් නොමැති ගැටළුවක් මේ ලෝකයට නොපැමිණෙන බවද සිහි තබා ගත යුතුය.

 

එම විසදුම හැකි ඉක්මනින් සොයා ගැනීමට උත්සාහ කිරීමත් පිළිතුරක් නොමැති ගැටළුවක් නම් ඒ පිලිබඳ සිතමින් කාලය කා දමමින් සිටීම එතරම් නුවණට හුරුදෙයක් නොවේ.

 

ඒ වගේම ජිවත්වීම යනු සැබෑම අභියෝගයක් බැවින් අභියෝග, ගැටලුවලට මුහුණ දීමෙන් සිත තව තවත් ශක්තිමත් කර ගත හැකි වේ. ඒ වගේම තමාට ලැබෙන සෑම අභියෝගයක්ම, සුභවාදිව සිතීම මෙන්ම මෙම අභියෝගවලින් ලබන පන්නරයෙන් ජීවිතය තව තවත් ශක්තිමත් කරගත හැකි වේ.

 

එක් අයෙක් තවත් අයෙකුට ප්‍රසිද්ධියේ බැණ වඳිනවා නම් එමඟින් පැහැදිලිවන්නේ ඒ තැනැත්තාගේ යම් අඩු පාඩුවක් ඇති බවයි. අනිත් අයට දොෂාරෝපණය කරන්නේ තමා තුළ ඇති අඩු පාඩුව වසා ගැනීමටයි. කෙසේ වෙතත් ඔබ එහිදී ඔබට බැණ වඳින පුද්ගලයාට අනුකම්පා කර ඔබ ශක්තිමත්ව ඉතා හොඳ ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙක් බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.

 

බොහෝදුරට යම් අයෙක් තමාට වඩා දක්ෂ බව තේරුම් යාම. සාමාන්‍ය පුද්ගලයන්ගේ ස්වභාවයයි. නමුත් මෙහිදී ඔබ, ඔබගේ අඩුපාඩු හඳුනා ගැනීමත්, දුර්වල වූ දක්ෂතා තිබේ නම් ඒවා දියුණු කර ගැනීමත් කල යුතු. සෑම අයෙකුටම සමාන අකාරයෙන් දක්ෂතා පිහිටා නොමැත. එක් එක් අයට තමාට අවේණික දක්ෂතාවයන් තිබිය හැකිය.

 

ඔබගේ ඊර්ෂ්‍යාවට ලක්වන තැනැත්තා යම් දක්ෂතාවකින් ඉහළම තලයට පැමිණීම නිසා ඔබ ඒ තැනැත්තා කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තත් කළ යුතු වන්නේ ඔබ තුල තිබෙන දක්ෂතා හඳුනාගෙන එහි උපරිම තලයට පැමිණීමට උත්සාහ කිරීමයි.

 

මෙමඟින් ඔබගේ සිතේ ඇතිවන අයහපත් සිතිවිලි යම් පාලනයකට ලක් කළ හැකි වේ. වැඩ වැඩි වුනාම මම මොනවා කරනවා ද මට මතක නැ.

 

පස්සේ තමා හිතන්නේ මම තීරණ ගන්න හදිසි උනා කියල. ඒ වෙලාවට මොකද කරන්නේ ?

 

වැඩ වැඩි වූනාම මුලින්ම සිතිය යුත්තේ වැඩ වැඩි වන්නේ ඇයි ද යන කාරණය පිළිබඳවයි. ඊට බොහෝදුරට හේතුවන්නේ ඔබට ලැබෙන වැඩ නිසිලෙස කළමනාකරණය කර නොගැනීමයි. එසේත් නැත්තම් කරන්නට බැරි තරම් වැඩ ප්‍රමාණයක් භාර ගැනීමයි. මේ නිසා මුලිකව ඔබ, ඔබ කවුද යන්න පිළිබඳව තේරුම් ගත යුතුය. එහිදී ඔබට කළ හැකි වැඩ ප්‍රමාණය, දක්ෂතාව ආදිය පිලිබඳව හොද අවබෝධයක් ලබා ගත යුතුය. මේ දක්ෂතාවලට අනුව තමන්ට හැකි උපරිම, යම් වැඩ ප්‍රමාණයක් භාරගත යුතුය. ඔබට ලැබෙන තරම් වැඩ එසේ භාර ගැනීම ඔබ තව තවත් අපහසුතාවට පත් කරයි. එසේත් නැත්තම් ඔබ ලබා ගත් වැඩ, ප්‍රමුඛතාව අනුව වර්ග කර සැලසුම් සහිතව කල යුතුය. එසේ නොකිරීමෙන් කාලය අනවශ්‍ය ලෙස අපතේ යයි. ඒ වගේම යම් වැඩකදී ඔබගේ කර්යක්ෂමතාව ප්‍රමාණවත් නැත්තම් ඒ දක්ෂතාව ද දියුණු කර ගැනීමට ඔබම වගබලා ගත යුතුය.

 

ඔබ අවට සිටින පුද්ගලයන් හඳුනගන්නවාට වඩා වැදගත් වන්නේ ඔබ වඩාත් සුභවාදීව සිතීමයි. මේ ආකාරයට ඔබ නිතර සතුටින් හා සුභවාදී වනවා නම් ඔබ අවට සිටින පුද්ගලයන් ද ඔබට යහපත් ප්‍රතිචාර දක්වනු ඇත.

 

නමුත් අන් අය ඔබ පිළිබඳව සිතන්නේ කෙසේද ආදී වශයෙන් තමා පිලිබඳ අවතක්සේරුවෙන් සිටින අයගේ ආත්ම අභිමානය හීන වේ. එවැනි අය සැමවිටම ඉතා සුපරික්ෂාකරිව අන් අය පිළිබඳව සිතමින් සිටින නිසා සිතේ සන්තෝෂය ද ගිලිහී යයි. එසේ ඔබ නිතරම සුපරික්ෂාකරිව සිටින අයෙක් බව දැනගත් විට අවට සිටින අයත් ඔබව දක්වන්නේ ඊට සමාන වූ ප්‍රතිචාරයක්.

 

නමුත් ඔබ, පිලිබඳ ඉතා හොඳ ආත්ම අභිමානයක් ඇතිව සිටිනවා නම් හා සැමවිටම සුභවාදීව සිතනවා නම් ඔබ කරන කියන කටයුතු පිළිබඳව හා ඔබගේ ජීවිතය දෙස ගෞරවාන්විතව බලනවා නම් ඔබට අවට සිටින අයට ඒ බව දැනෙන්නේද ඔබ සිතන යහපත් ආකාරයෙනි. මේ හේතුවෙන් ඔබ අවට සිටින අයගෙන් ඔබට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරම පමණි. ඒ වගේම අප විසින් ඇති කරගන්නා සිතුවිලි නිසා අපගේ ඉරියව් සැමවිටම පාලනය වේ. එසේ ඔබ ඇතිකර ගන්නා යහපත් සිතුවිලි සැමවිටම ඔබගේ ඉරියව් ද යහපත් කර ගැනීමට හේතු වේ. ඒ නිසා අන් අය පිළිබඳව සිත කරදර ගනිමින් සිටිනවාට වඩා ඔබගේ ජීවිතය සතුටින් ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහ කිරීම මෙවැනි ගැටලුවකට මුහුණ දීමට හැකි සාර්ථක ක්‍රමවේදයයි.

තමාගේ දක්ෂතාව හඳුනාගෙන ඉදිරියට යන්න.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page